ධර්මය නම් විස්මිත මාළිගාවේ සැරිසැරීමට ප්‍රථම…

ඉතා විසිතුරු විශාල මාලිගාවක සතරදෙසින් ඇති දොරටු සතරකි. සංචාරකයන් සතර දෙනෙක් මෙම දොරටු සතරෙන් මාලිගාවට පැමිණ මුළු මාලිගාව පුරා සංචාරය නොකොට ඔවුන් දකිනා දෙය විස්තර කරයි. යම් කලෙක මෙම සතර දෙනාගේ විස්තර වෙන වෙනම ඇසූ පුද්ගලයෙකුට ව්‍යාකූල තත්වයක් හටගැනීමට පුළුවන. නමුත් සංචාරකයන් සතර දෙනාගේම විස්තරයෝ සත්‍ය වෙති. අයෙකුට මාලිගාවේ ස්වභාවය පිටත සිට ද පැවසිය හැක. … Continue reading ධර්මය නම් විස්මිත මාළිගාවේ සැරිසැරීමට ප්‍රථම…

ශුන්‍යතාවය ඉක්මවා නිවන අවබෝධ කර ගන්නේ කෙසේද ?

අප ඇසුරු කරන පුද්ගලයන්, පරිහරණය කරන වස්තූන් කෙරෙහි අප සිත් තුළ ඇති වන හැඟීම් විවිධාකාර වේ. ඇතැම් දේවල් වලට අප ආශා කරන අතර ඇතැම් දේවල් කෙරෙහි එතරම් ආශාවක් නැත. පුද්ගලයාගෙන් පුද්ගලායටද එය විවිධ වේ. ඇතැම් කෙනකුට ඉඩ කඩම්, යාන වාහන ආදිය මහත් වටිනාකමකින් යුතු දේවල් සේ හැඟෙයි. තවත් කෙනෙකුට දරුවන් මහත් වටිනා දෙයකි. තවත් කෙනකුට … Continue reading ශුන්‍යතාවය ඉක්මවා නිවන අවබෝධ කර ගන්නේ කෙසේද ?

නැවත නැවත ඉපදෙන්නේ ඇයි ?

මේ ලෝකය පිළිබඳ අප දත යුතු කරුණු තුනකි. එනම් ලොව පවතින සියළු ජීවී, අජීවී දෑ අනිත්‍ය බව, දුක් බව හා අනාත්ම බවයි. ත්‍රිලක්ෂණය ලෙස ඒව හඳුන්වන්නේ එබැවිනි. සියළු දෑ කෙරෙහි පවතින සත්‍ය වූත්, පොදු වූත් ලක්ෂණ තුන එය වේ. යමෙක් මේ ලක්ෂණ තුන පසක් කොට, ප්‍රත්‍යක්ෂ ලෙස නුවණින් අත්දකින්නේද, එතෙකින් ඔහු මේ සංසාරය තුළ ගමන … Continue reading නැවත නැවත ඉපදෙන්නේ ඇයි ?

දුක හා දුකට හේතුව

අනමතග්ග සංසාරය පුරා ගමන් කරන සත්වයින් නිරන්තරයෙන්ම පිහිටියේ දුකේමය. වරක් බුදුරජාණන්වහන්සෙ දේශනා කලේ අතීත සංසාරයේ නුඹලා විසින් විඳින ලද දුක දන්නේ නම් හිස ගිනි ගෙන තිබුනද මේ අවබෝධ නොකළ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ කරනු ඇති කියාය. උන්වහන්සේ මෙවන් උපමාවක් ගෙන හැර පෑවේ සසරේ සතවයින් විසින් විඳින දුක පිලිබඳ ඉතා පැහැදිලි නිරවුල් අවබෝධයක් සහිතව ඒ … Continue reading දුක හා දුකට හේතුව

ඔබට නිවැරදි ධර්මය හමුවී ඇත්ද ?

ඔබ නිවැරදිව ධර්ම මාර්ගයේ ගමන් කරන්නේද නැද්ද හෝ, ඔබට නිවැරදි ධර්මය මුණ ගැසී ඇත්ද යනු පරීක්ෂා කළ හැක්කේ ඔබටමය. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කිසිඳු අඩුපාඩුවක් නැත. නමුත් ශාසනය විනාශ වන්නවුන් බිහිවන්නේ ශාසනය තුළින්ම බැව් බුදු පියාණන් වහන්සේ දෙසූ සේක. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්යයි. එනම් දුක, දුකට හේතුව, දුක නිවීම හා … Continue reading ඔබට නිවැරදි ධර්මය හමුවී ඇත්ද ?

අතහැරීම…!

මුළු බුද්ධ දේශනාවේම හරය එක් වචනයකට කැටි කොට දක්වන්නේ නම් එය" අත හැරීමයි". අප සංසාරය පුරාම පැමිණින්නේ තණ්හාවට දාසයකු වීගෙනයි. ගිය ගිය තැන චන්දයෙන්, රාගයෙන් බැඳීම එහි ලක්ෂණයයි. අපායට යන සත්වයා එයද උපාදානය කරයි. සංසාරයෙන් නික්මීමට නම් සියලු උපාදානයන්, අල්ලා ගැනීම් සිතින් අත හැරිය යුතු නමුත්, කල්ප ගණන් පුරා සිත් තුළ පුරුදු කළ ධර්මයන් එක … Continue reading අතහැරීම…!

අල්ලාගත් දේ දුකකි…

සංසාරය පුරාවටම සිදු කළේ රැස් කිරීම පමණකි. මේ ජීවිතයේ සිදු කරමින් සිටින්නේද එයම පමණකි. භෞතික වස්තූන් කෙළවරක් නැතිව රැස් කරයි. එකක්වත් අත හරින සිතකින් සිදු කිරීමක් නොමැත. දානයක් දුන්නද එයින් ලැබෙන කුසලය පිළිබඳ අල්ලා ගැනීමක් ඇත. නිවාස, ඉඩ කඩම්, රැකියා, දූ දරුවන්, වාහන මේ සියල්ලම අල්ලා ගෙන කෙලෙස් සිත්වල අවුළුවා ගනිමින් එහිම පැටළී සිටියි. භෞතිකව … Continue reading අල්ලාගත් දේ දුකකි…

බාධක මැඩ ඉදිරියට යන්න

ජීවීතයේ ඔබට සිදුවන සෑම දෙයක්ම, ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කමටහනක් කර ගන්න. හොද දෙයත්, නරක දෙයත්, සුභ දෙයත්, අසුභ දෙයත්, ප්‍රීතිමත් දෙයත්, දුක් සහිත දෙයත් සෑම දෙයක්ම ඔබව යම්කිසි හෝ අවබෝධයක් කරා ගෙන යන, වෙස්වළාගෙන පැමිණෙන ආශිර්වාදයන් සේ දකින්න. දිව්‍ය තල වල සිටින දෙවිවරුන්ට ඇතැම් විට ධර්මය අවබෝධ කරගැනීමට අපහසු වන්නේ, ඔවුනට දුක්ඛ සත්‍යය … Continue reading බාධක මැඩ ඉදිරියට යන්න

රූපයේ ඇත්ත දකින්න

පෘථග්ජන සිත් තුළ තමාගේ රූපය කෙරෙහි ආශාවක්, ඇලීමක් ,අල්ලා ගැනීමක් පවතී. මේ රූපය මගේ ආත්මයය,, මගේ පාලනයේ මට ඕනෑ පරිදි පවත්වාගෙන යාහැකිය යන මුලාව පවතී. තම රූපයට පමණක් නොව, තමා ඇසුරු කරන තමා වටේ සිටින දූ දරු, නෑදෑ,දෙමාපිය ,යහළු මිත්‍රාදීන් කෙරෙහිද, ගේ දොර, ඉඩකඩම්, රැකියා, මිල මුදල් ආදී බාහිර වස්තූන් කෙරෙහිද ආශාව, ඇලීම, උපාදානය පවතී. … Continue reading රූපයේ ඇත්ත දකින්න

සිතෙන් මිදෙන ආකාරය

අපට කිසිදා කිසිවක යථා ස්වරූපය දැකිය නොහැක. අප දකින්නේ අපෙ සංඥාවෙන් අපේ සිත තුළ මවා ගත් දේ පමණි. අප මිනිසුන් මේ මේ ආකාරය යැයි සිතින් මවා ගෙන, සිතින් උපකල්පනය කරමින්, ඔවුන් හා වරෙක ඇලෙයි වරෙක ගැටෙයි. අපේ සිතේ මවා ගත් ස්වරූපයට අනුකූලවම බාහිර පුද්ගලයා ක්‍රියා කරයි නම්, අප ඔහු හා ඇලෙයි. අප සිතින් මවා ගත් … Continue reading සිතෙන් මිදෙන ආකාරය