සිත් තැවුල් වලින් සදහටම මිදෙන්නේ කෙසේද ?

ජීවිතයේ කරදර නිමක් නැත..එකක් පසුපස එක සේ එවා ගලා එයි. සිතට සැනසීමක් නොමැත. අද සතුටින් සිටියොත් හෙට ඒ සතුට නැත. අද තිබූ ප්‍රශ්නයට කෙසේ හෝ විසඳුමක් ලබා දී එයින් නිදහස් වූවද, හෙට ඇත්තේ අලුත්ම ප්‍රශ්නයකි.. ජීවිතයම ප්‍රශ්න පත්තරයක් මෙනි. සිත සැනසීමෙන් පවත්වා ගැනීම අසීරුය. ලෙඩක් දුකක් නොවී කය පවත්වා ගත්තද සිත නම් එලෙසින් පවත්වා ගැනීම … Continue reading සිත් තැවුල් වලින් සදහටම මිදෙන්නේ කෙසේද ?

ආමිස පූජාව නිවන් මාර්ගයට උපකාර වන අයුරු

අද සමාජයේ බොහෝ දෙනා ආමිස පූජාවන් හෙළා දකිමින් කතා කරනු දක්නට ලැබේ. බුද්ධ පූජාව, බෝධි පූජාව, ආලෝක පූජාව, පිරිත් සජ්ජායනය ආදිය පහත් කොට සලකයි. පියවි ඇසට පෙනෙන දේ පමණක් සත්‍යයැයි පිළිගන්නා ඔවුන්, විද්‍යාත්මකව හා තර්කානුකූලව ඔප්පු කරන දේ පමණක් විශ්වාස කරයි. ඔවුන් තුළ බුදු රජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයක්, පැහැදීමක් නොමැත. අප යම් කිසිවක් පිළිගැනීමට හෝ … Continue reading ආමිස පූජාව නිවන් මාර්ගයට උපකාර වන අයුරු

බුද්ධ බලය

අතීතයේ පහළව සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ නමකට, අභිබූ නම් සෘධියෙන් අග තැන්පත් අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ නමක් සිටියෝය. දිනක් සිඛී බුදු රජාණන් වහන්සේ සෘධියෙන් බ්‍රහ්ම ලෝකයට වැඩි අවස්ථාවක, "බුදුවරයකුගේ සෘධි බලය නම් මේ සා අප්‍රමාණ වුවද, ශ්‍රාවකයන්ගේ සෘධි බලය කොතෙක් වේද නොදන්නෙමු" යන සිතිවිලි බ්‍රහ්මයන්ට පහළ විය. මේ සිතිවිලි ඇති වූ විගසම අභිබූ මහ රහතන් වහන්සේට … Continue reading බුද්ධ බලය

මෙත් වඩමු

සිතට මහත් වෙහෙසක්, කරදරයක් දැනෙයි.. කෙතරම් උත්සාහ කළත් සිතට එන තරහ පාලනය කර ගත නොහැකිය. මා කෙතරම් නිවැරදිව, හොදින් ඉන්නට උත්සාහ කළඳ අනෙක් අයගේ වචන මගේ සිත පාසාරු කරගෙන යයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා කලාප මට නොරිස්සුම ගෙන දෙයි. ඇතැමුන් මට ඉරිසියා කරයි. මුහුණට හොඳින් කතා බස් කරන, සිනහ වෙන අය මා නැති තැන මට දොස් … Continue reading මෙත් වඩමු

නිවන් ලැබීමට නම්…

නිවන් ලැබීමට නම් ධර්මය පිළිබඳව ලියවුණු පොත පත පරිශීලනය කළ යුතුය. සද්ධර්මය ශ්‍රවණය කළ යුතුය. දන්නා අය සමඟ ධර්මය සාකච්ඡා කළ යුතුය.මෙහිදී විශේෂයෙන්ම වැදගත් වනුයේ නිර්වාණ මාර්ගය විදහා දක්වන ධර්ම දේශනාය. පොත පතය. මෙයින් ලබාගන්නා ධර්ම ඥාණය ශෘතමය ඥාණයක් වශයෙන් හැඳින්විය හැක. අද කාලයේ අවශ්‍ය තරම් ධර්ම දේශකයාණන් වහන්සේලාත්, ධර්ම දේශනාත් තිබෙන නමුත්, නිවන් මාර්ගය, … Continue reading නිවන් ලැබීමට නම්…

ගෙවුණු වසර

වසරක් ගෙවී වසරක් උදාවෙයි. ආපසු ගත නොහැකි දේවල් තුනක් වේ. එනම් ගෙවුණු කාලය, පිටකරන ලද වචනය, ජලයට විසි කරන ලද ගල. පසුතැවීමක් ඇති නොවන අයුරින් මේවා භාවිතා කල යුත්තේ එබැවිනි. සම්මුතියේ පිහිටා, සංඥාවන් මගින් වසර වල්, මාසයවල්, දිනයවල් නම් කොට තිබුණ්ද, සැබවින්ම සිදුවූයේ කුමක්ද? සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත්වීමයි..අනිත්‍යයෙන් නිරෝධයට පත්වීමයි. වෙන … Continue reading ගෙවුණු වසර