විදර්ශනා භාවනා හැඳින්වීමක්

ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් අයට මේ දක්වා ආනාපාන සති සමාධි භාවනාව සමථයක් වශයෙන් කරනු ලබන ආකාරය පිළිබඳව දේශනා ඉදිරිපත් කළා. ඒ අනුව පිළිපැඳපු අයට බොහෝ දුරට තමාගේ සිත මේ වන විට එකඟ වෙන්නට ඇති. ඒ සිතේ එකඟ භාවය, සිත සමාධිය අපගේ භාවනාවට ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්.කෙසේ වෙතත් ඒ සමාධිය සමථ භාවනාව තුළින්ම ලබාගතයුතු නෑ. විපස්සනා … Continue reading විදර්ශනා භාවනා හැඳින්වීමක්

මම මෝහ මූලික සිතිවිල්ලක් පමණි

මේ විශ්වයේ සිටින සෑම කෙනකු තුළම "මම" යන හැඟීම පවතී. "මම කරනවා, මම සිතනවා, ඉමම විඳිනවා" යනුවෙන් ඔවුන් තුළ හැඟීමක් පවතී. ධර්මයේදී මෙය හඳුන්වන්නේ " අස්මීමානය " ලෙසයි. මෙය තවත් පුළුල් ලෙස විග්‍රහ කර දැක්වූ කරුණකි. මෙලෙස "මම" යන හැඟීමක් පවතින නිසා ඔවුන් තුළ තෘෂ්ණාව උපදී. එම තෘෂ්ණාව හේතුවෙන්ම යළි යළි සසර තුළ ඉපදෙමින් මැරෙමින් … Continue reading මම මෝහ මූලික සිතිවිල්ලක් පමණි

ශ්‍රද්ධාව , ප්‍රඥාව හා නිර්වාණය

විවිධ දේවල් කෙරෙහි විවිධ හැඟීම් අප සිත් තුළ ඇති වේ. විවිධ පුද්ගලයන් කෙරෙහි කැමැත්ත, අකමැත්ත පෙරටු කොට ගත් අනේකාවිධ හැඟීම් ඇති වේ. ගුරුවරුන්, මව්පියන් කෙරෙහි ස්නේහය, ගෞරවය, භක්තිය මිශ්‍ර වූ හැඟීම් ඇති වේ. එසේ ඇතිවෙන්නේ ඒ පුද්ගලයා අප සිතට කෙතරම් සමීපද, අප ජීවිතයට කෙතරම් බලපෑමක් කර ඇතිද යන්න මතයි. බුදු රජාණන් වහන්සේ කෙරෙහිද අප සිත් … Continue reading ශ්‍රද්ධාව , ප්‍රඥාව හා නිර්වාණය

ගුරු පඬුරක් !

සිත ගිනි ගනිමින් සිටි දිනෙක මම උන් වහන්සේ හමුවට ගියෙමි. බැලූ බැලූ සෑම අතම මහා කළු වළාවකින් වැසී ගියාක් මෙනි. ජීවත් වීමට අරමුණක් සොයමින් සිටියෙමි. සතුට යන වචනයත් ඈතය. කුටියට ඇතුළුව උන් වහන්සේ පාමුල මා නමස්කාර කළේ "ස්වාමින් වහන්ස මට සැනසීමක් දෙන්න" යන සිතිවිල්ලෙනි... ඒ උත්තම පාද නමස්කාර කරද්දී ඇති වූ ශ්‍රද්ධාවටත්, මාගේ අසරණ කමටත් … Continue reading ගුරු පඬුරක් !

පැවැත්ම නතර කළ යුත්තේ ඇයි?

බුදු දහමේ කෙළවර නම් නිර්වාණයයි.. පැවැත්ම දෙසට පවතින ලෝකය තුළ පැවැත්ම නතර වීමයි. ලෝකයේ පැවත්ම තිබෙන්නේ තෘෂ්ණාව පවතින තාක් පමණි. තෘෂ්ණාව ගිලිහී ගිය විටක යළි පැවැත්මක් නැත. පැවැත්ම නතර කළ යුත්තේ ඇයි? බොහෝ දෙනෙක් එය අසන්නටවත් කැමති නැත. මන්දයත් එතරම්ම ඔවුන් සිත තුළ තෘෂ්ණාව පවතින බැවිනි. එතරම අප මේ සසරට , ජීවීතයට ආශා කරන බැවිනි. … Continue reading පැවැත්ම නතර කළ යුත්තේ ඇයි?

රැකවරණය සලසා ගන්නට නම්..

නිවන් දකිනවා යනු මෝහය දුරු කරමින් ලබන ප්‍රඥාව හේතුවෙන් සිතේ ඇතිවන නිවී යාමයි. මෝහය මුළුමනින්ම ගිලිහී යාම තුළ පැවැත්ම නිම වේ.. එහි විලෝමය නම් පැවැත්ම යනු මෝහයේ ප්‍රතිපලයයි. යමෙක් සසර තුළ පවතිනවා යනු ඔහු සිත තුළ මෝහය පවතිනවා යන්නයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් යන මාර්ගඵල වලදී මෝහය ක්‍රමයෙන් අඩුවී, නැත්තටම නැති වී යයි. රහත් වූ … Continue reading රැකවරණය සලසා ගන්නට නම්..

නිදහස් වන්න

යම්කිසි දෙයක් සිදුවීමට බලපානා නියාම ධර්ම පහක් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම, උතු නියාම, චිත්ත නියාම යනුවෙනි.අඹ ඇටයකින් අඹ පැළයක්ම බිහි වේ. දරුවන් සාමාන්‍යයෙන් දෙමාපියන්ගේ ස්වරූපයම ගනී. මේවා බීජ නියාමයයි. කාලයත් සමඟ ස්වභාවිකව සිදුවන වයසට යෑම්, සම රැලි වැටීම්, කොණ්ඩය සුදු වීම් ආදිය ධම්ම නියාමයයි. රූප, ශබ්ද, ගන්ධ … Continue reading නිදහස් වන්න

වෙනස් වීම දරාගන්න

කැමති දේ නොලැබී යන කල සිත උපේක්ෂාවට , අවබෝධයට පත් නොවන්නේ, ධර්මයෙන් ඔබ ඈත නිසාය. බුදු රජාණන් වහන්සේ මේ ලෝක ස්වභාවය හා සිතේ ස්වභාවය දේශනා කොට ඇත්තේය. වැලි කැටයක තරම් සැපයක් මේ තුන් ලොවෙහිම නැති බව උන් වහන්සේ පිරිසිද දත් සේක. කවර රටක, කවර ලෝකයක, කවර භවයක, කවරාකාරයේ සැපයක් විදිමින් සිටියද එය ද තාවකාලිකය. අනිත්‍යයට … Continue reading වෙනස් වීම දරාගන්න

බුදු පියාණන් වහන්සේ

බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී දේහය දැවීමෙන් ඉතිරි වන ධාතු කොටස් මේ ශාසනයේ අවසානය තෙක් නොනැසී පවතින්නට අධිෂ්ඨාන කළේ හුදු ජනී ජනයාට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට සතුටු සිතින් වන්දනා මාන කොට කුසල් රැස් කර ගැනීමට අවස්ථාව සලසා දීමටය. දිනකට සූවිසි අසංඛ්‍ය වාරයක් මහා කරුණා සමාපත්තියට සම වැදී අද දිනයේ පිහිට වන්නේ කාහටදැයි විමසමින්, පසල් ගම් දනව් … Continue reading බුදු පියාණන් වහන්සේ

බුදු රජාණන් වහන්සේ දකින්නට නම් ධර්මය දකින්න

මායාවකින් වැසී ඇති මේ ලෝකයේ යථා ස්වභාවය යථා පරිදි පෙන්නුම් කර දීමට හැකි යම් දෙයක් මේ මුළු විශ්වයේම පවතී නම් ඒ එකම දෙයක් පමණි. එනම් ධර්මස්කන්ධයයි. නිත්‍යය, සුභය, ආත්මීයය, සදාකලියකය ආදී මිථ්‍යා මත වලින් ඉතාම සුළු පිරිසකගේ හැර අන් සියළු ලෝක සත්වයාගේ සිත් වෙලා ගැනීමට අවිද්‍යාව නමැති භයංකාර ධර්මතාවයට හැකිවී ඇත. දෙවියකු, මනුෂයකු, බ්‍රහ්මයකු පමණක් … Continue reading බුදු රජාණන් වහන්සේ දකින්නට නම් ධර්මය දකින්න

අපට ඇත්තේ ඉතා සීමීත කාලයකි

සිත දියුණු කිරීමට නම් මහා වීර්‍යයක් තිබිය යුතුය. සිතට නිරන්තරයෙන්ම නැගෙන අකුසල් සිතිවිලි මැඩගෙන කුසල් සිතිවිලි පැවැත්විය යුතුය. ඒ සදහා සිතට එන සිතිවිලි දැන ගත යුතුය. සතිය අවශ්‍ය වන්නේ එබැවිනි. සතිය නැත්නම් මොනවා සිතනවාද, කිව්වාද, කරාද කියා නොදනී. කොතෙක් ධර්මය අසා , හොද නරක දැන සිටියද සතියෙන් තම සිත දෙස බැලීමට හැකියාවක් නොමැතිනම් ඒ දැන … Continue reading අපට ඇත්තේ ඉතා සීමීත කාලයකි