භාවනාවට අවශ්‍ය පසුබිම

භාවනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා ඉතාමත්ම සුදුසු වේලාවක් තෝරාගත යුතුය. රැකියාවට ගොස් නිවසට පැමිණ සියළු කටයුතු නිමා කොට නින්දට පෙර කාලය ඔබ තෝරාගන්නේ නම්, ආධුනික අයෙක්ට එය සුදුසු නොවනු ඇත. මන්දයත් වෙහෙස වී කයත් සිතත් සොයනුයේ නින්දකි. එවිට ඔබ භාවනාවේදී නින්දට යටවී ඔබට භාවනා එපා වීමට පුළුවන. භාවනා කිරීමට නම් කාය විවේකයද අත්‍යවශ්‍යය. දවස … Continue reading භාවනාවට අවශ්‍ය පසුබිම

රූප ස්කන්ධය

මිනිස් පියවි ඇසට පෙනෙන රූප මෙන්ම නොපෙනෙන රූපද ඇත. උදාහරණ ලෙස අමනුෂ්‍යන්, දෙවියන් ආදී රූප අපේ දෘෂ්ටි පරාසයට හසු නොවේ. රූපය සහ නාමය යන දෙකින් රූපය යන්න විමසීමේදී අපේ සාමාන්‍ය ඇසට එය අත්, කකුල්, බඩ, පපුව ලෙසින් වෙන් වෙන්ව අප හඳුනා ගැනීමට හැක. රූපය මෙසේ විමසමින් යන විට තවත් සියුම් ලෙස දෙතිස් කුණප ලෙසින් වුව … Continue reading රූප ස්කන්ධය

සංස්කාර ස්කන්ධය

අරමුණක් හමුවූ විට විඥාණ,සංඥා, වේදනා යන නාම ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය ඔබ දැන් දනී. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන්ට අරමුණක් හමුවූ විට පළමුව ඒ පිළිබඳ දැනීම් මාත්‍රයක්, ඉන්පසු එම අරමුණ හඳුනා ගන්නා සංඥාවක්, එම සංඥාවට අනුකූල වූ වේදනාවක් ජනිත වේ. මෙහිදී වේදනාව ඇතිවූ පසු නැවත නැවත සංඥාවන් ජනිත වේ. සංඥාව නිසා වේදනාවත්, … Continue reading සංස්කාර ස්කන්ධය

වේදනා ස්කන්ධය

වේදනා ස්කන්ධය : ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන්ට අරමුණක් හමුවූ විට පළමුව විඥාන ස්කන්ධයත්, එනම් එම හමුවූ අරමුණ පිළිබඳ දැනීම් මාත්‍රයක්ද ඉන්පසු ඒ අරමුණ හඳුනා ගන්නා සංඥාවද ඇතිවේ. මෙම සංඥාව ඇතිවූ පසු ඒ හඳුනා ගන්නා ආකාරය අනුව වේදනාව උපදී. එය වේදනා ස්කන්ධය ලෙස හඳුන්වන්නේ ඉතාමත් අසීමිත වූ ප්‍රමාණයන්ගෙන් වේදනාව ගණන් මිනුම් වලින් … Continue reading වේදනා ස්කන්ධය

විඥාණ ස්කන්ධය

විඥාණ ස්කන්ධය : ඇසට රූපයක් හමුවූ විට පළමුව ඇතිවන්නේ දැනීමය. එය චක්ඛු විඥාණය ලෙසින් හඳුන්වයි. ඇසට රූපයක් හමුවූ විට, ආලෝකය, ක්‍රියාත්මක වන සිතක් යන හේතු ඇතිවිට චක්ඛු විඥානය පහළ වේ. කුමන තත්වයක සිටින කෙනකුට වුවද මෙය පොදුය. තමන්ගේ කැමැත්තට හෝ අකැමැත්ත අනුව විඥානය පහළ වීම වෙනස් කරගත නොහැක. එය හේතූන් නිසා හටගත් ඵලයක් පමණි. එම … Continue reading විඥාණ ස්කන්ධය

පංචස්කන්ධය

පංචස්කන්ධය යනු ස්කන්ධ පහක් යන අර්ථයයි. ස්කන්ධ යනු ඉතා විශාල, රාශිය යන අදහසයි. එසේ කියන්නේ ඇයිද යන්න ඔබට අවබෝධ වනු ඇත. මේ ලෝකයේ සිටින සෑම සත්වයෙක්ටම ඇඟක් හා සිතක් තිබේ. ඇඟ, රූපය ලෙසින්ද සිත, නාමය ලෙසින්ද හඳුන්වන අතර එකට ගෙන " නාමරූප" ලෙසින් හඳුන්වයි. නාමය තව දුරටත් සියුම්ව හඳුනාගත හැක. එනම් ඔබ පිට අය හඳුන්වන්නේ … Continue reading පංචස්කන්ධය

නමුත්; ඒ බැඳීමට තව ඇත්තේ ඉතා සීමීත ආයුෂ ප්‍රමණයක් පමණි !

යම්තම් තේරෙන වයසේ පටන්, මම ඇයට ප්‍රිය කළෙමි. ආශා කළෙමි. මේතාක් කාලයක් මගේ ජීවීතයම වාගේ කැප කළේ ඇය වෙනුවෙනි. ඇත්තෙන්ම එය ප්‍රේමයකි. මා ඇය වෙනුවෙන් කළ කී දෑ පොත් දාහක් පුරා සටහන් කළද නිමාවක් නම් නොවනු ඇත. මා සෑමවිටම සිතුවේ පැතුවේ ඇගේ සැපතය. සුඛ විහරණයය. ඇයට සුළුවෙන් හෝ දුකක් දීමට මා කැමති නැත. ඇය ලස්සනට, … Continue reading නමුත්; ඒ බැඳීමට තව ඇත්තේ ඉතා සීමීත ආයුෂ ප්‍රමණයක් පමණි !

යෝනිසෝ මනසිකාරය

සෝවාන් වන්නට වීර්යය කරන පුද්ගලයකු පුහුණු කළ යුතු අංග හතරක් තිබේ. එනම්, කළ්‍යාණ මිත්‍ර සේවණය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව යන හතරයි. ඉහත හතරම එකකට එකක් නොදෙවෙනි සේ ඉතා වැදගත් වේ. මෙම ලිපියෙන් යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද යන්න විමසා බලමු. යෝනිසෝ මනසිකාරය යනු සරලව දක්වනවානම් නුවණින් මෙනෙහි කිරීමයි. එනම් අරමුණෙහි මුලා නොවී ඇත්ත ඇති … Continue reading යෝනිසෝ මනසිකාරය

සෝවාන් වූ අයෙක් හඳුනා ගන්නේ කෙසේද ?

සෝවාන් වූ අයෙක් හඳුනා ගන්නේ කෙසේද ? නිතර දෙවේලේ මෙම ප්‍රශ්නය දකිනා බැවින් ඒ ගැන සටහනක් තබන්නට සිතුවෙමු. ප්‍රායෝගික වශයෙන් ඒ කරුණු ගොනු මෙසේ ගොනු කරමු. ඇත්තෙන්ම ඉහත පැනයට කෙටිම පිළිතුර එසේ හඳුනා ගත නොහැකිය යන්නයි. සෝවාන් වූ කෙනෙක් තබා, රහතන් වහන්සේ කෙනෙක් වූවද බාහිර වශයෙන් හඳුනා ගත නොහැකිය. බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ … Continue reading සෝවාන් වූ අයෙක් හඳුනා ගන්නේ කෙසේද ?

ඔබ පුරුදු කර ඇති සිත !

භාවනාවට ප්‍රවිෂ්ඨ වන ආධුනික අයටත්, කාලයක සිට කරන අයට වුවත් ඇති විශාලම ගැටළුව සිත එකඟ කර ගැනීමට නොහැකි වීමත්, සිත පිට යාමත් ය. දිගින් දිගටම මෙසේ සිත පිට යද්දි, කුඩා හෝ සමාධියක් නොලැබෙද්දී, ඔවුනට භාවනාව වෙහෙසකාරී ලෙස දැනේ. උනන්දුව, වීර්යය හීන වී යා හැකියි. භාවනාවට වාඩි වී සුළු මොහොතකින්ම, තමාටත් නොදැනීම සිත නොයෙක් අරමුණු ඔස්සේ … Continue reading ඔබ පුරුදු කර ඇති සිත !