බුදුගුණ භාවනාව

සසර කෙටි කර ගැනීමට යන මේ ගමන තුල එල්ල වන බාධා අපමණය. අප්‍රමාණය. යම් සතර බ්‍රහ්ම විහරණ සිත් දරා නැති අයෙක් නිවැරදිව මාර්ගය වටහාගෙන තමා සසර කෙටි කරගැනීමට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සිතුවිලි සිතෙහි ඇතිකර ගත් දා පටන් මාරයා ගේ උදහසටත් නොයෙකුත් තාඩන පීඩනයන්ට ලක්වීමට සිදුවේ. එදා බෝධි මුලයේදී අප බෝසතුන් වහන්සේ කොපමණ නම් මාර සේනාවන්ගේ … Continue reading බුදුගුණ භාවනාව

සංඥාව

සංඥාව යනු හඳුනා ගැනීමයි. මේ ජීවිතය පුරා මේ වන තෙක් අප විසින් හඳුනා ගන්නා ලද දේවල් ප්‍රමාණය මෙතැකැයි කියා ගණනය කළ නොහැක. සංසාරය පුරාම කොතෙක් නම් හඳුනා ගැනීම් සිදුකරන්නට ඇත්ද? සංඥා ස්කන්ධය ලෙස එය හඳුන්වන්නේ එබැවිනි. වර්ණ වශයෙන්, හොද නරක වශයෙන්, ලස්සන, කැත, උස,කොට නම්, ආදී නොයෙක් ලෙසින් අප හඳුනා ගැනීම් කරන්නෙමු. ඇසට දකින රූප … Continue reading සංඥාව

ඔබ දන්නේ කොපමණද ?

"The more you know, the more you realize you don't know."Aristotle අප ඉගෙන ගන්නා කාලයේදී වසරින් වසර උසස් පංති වලට සමත් වීමේදී අපේ බුද්ධිය වැඩිවුණි. දැනුම වැඩිවුණි. නමුත් ඒ ඒ වසරවලදී අපට සිතෙන්නේ අප ගොඩක් දේ දන්නවා කියාය. පහ වසරදී ශිෂ්‍යත්වය යනු ලොකු විභාගයකි. ඉන් පසු සාමාන්‍ය පෙළදී එය බැරෑරුම්ය. ඉන් පසු උසස් පෙළදී අනෙක් … Continue reading ඔබ දන්නේ කොපමණද ?

සම්මා සම්බුද්ධො

සම්මා සම්බුද්ධ බුදු ගුණය "ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරෝපදේශ රහිතවම, ස්වයංභූ ඥානයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක!". අප සැවොම දන්නා සම්මා සම්බුද්ධ බුදු ගුණය කැටි කර දක්වන පාඨය එයයි. එය ඉතා සරලව එසේ දැක්වුවත් විස්තර වශයෙන් විමසා බලන කළ එය ඉතා ගම්භීරය. චතුරාර්ය සත්‍ය … Continue reading සම්මා සම්බුද්ධො

සචිත්ත පරියො දපනං

බොහෝ දෙනෙක්ට නිවන , මාර්ග ඵල, ධ්‍යාන, ආදී දේ ගැන ඇත්තේ අවුල් සහගත අවබෝධයකි. හදවතින්ම නිවන් දකින්නට ඕනෑ කෙනෙක් වූවද නොයෙක් වියවුල් වලින් සිත පුරවාගනී. එහෙයින් ඉතාමත් සරලව යමක් ඒ පිළිබඳව පළ කරමු. ඇස් ඇර අවට බැලූ විට අපට පෙනෙන දේවල් කොතෙක්ද? පණ ඇති, පණ නැති දේවල් බොහෝමයක් අපේ ඇස් සීමාවේ අපට දැකිය හැකිය. එලෙසින්ම … Continue reading සචිත්ත පරියො දපනං