සත්වයකුගේ ඇඟ සහ සිත නාමරූප වශයෙන් හඳුන්වයි. මෙහි නාමය යනු සිතයි. රූපය යනු ශරීරයයි. සත්වයෙක් පුද්ගලයෙක් යනු මෙම නාම රූප දෙකේ ක්‍රියාවලියයි. සිතේ ප්‍රධාන වශයෙන් කොටස් 4 කි. වේදනා-සංඥා-සංඛාර-විඥාණ ලෙසින් ඒවා දැක්වේ. මෙම නාම ධර්ම හතර සහ රූපය ඉතාමත් වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යයි. එක් ක්ෂණයක් තුළ මේවා අති විශාල ප්‍රමාණයක් ඇතිවෙමින් නැතිවෙමින් යන බැවින් ස්කන්ධ … Continue reading සිත ක්‍රියාත්මක වන්නේ කෙසේද ?
Month: January 2019
අයිතිය
සෑම කෙනෙකුගේම සිත තුළ මම බවත්, මගේ බවත් පවතින බව අපි දනිමු. මෙම "මම වෙමි" යන හැඟීම ( අස්මීමානය ) දුරු වන්නේ රහත් වීමත් සමඟමය. එතනින් එහා සෑම කෙනෙකු තුළම මම යන හැඟීම පවතියි. "මම- මගේ" යන හැඟීම නිසා සියළුම සංස්කාර රැස් කරගනී. "මම" යන හැඟීම නැති කර ගැනීමට අසීරූ වුවද, "මගේ බව" යන හැඟීම … Continue reading අයිතිය
අත හැරීම යනු කුමක්ද ?
මුළු බුද්ධ දේශනාවේම හරය යනු අතහැරීමයි. කුමක්ද අත හැරිය යුත්තේ? ඇයි අත හැරිය යුත්තේ? අත හැරීමට නම් අප සතුව යම් දෙයක් තිබිය යුතුය. කුඩා කල සිටම අප යම් යම් දේ එකතු කරන්නට පුරුදු වී සිටිමු. බෝනික්කන්, සෙල්ලම් බඩු, මුද්දර, ලස්සන පිංතූර, කතා පොත්, ලස්සන ගල් කැට, මල් වර්ග, කොළ වර්ග, මුල් වර්ග ආදී එකි මෙකී … Continue reading අත හැරීම යනු කුමක්ද ?
අස්මිමානය
මේ විශ්වයේ සිටින සෑම කෙනකු තුළම "මම" යන හැඟීම පවතී. "මම කරනවා, මම සිතනවා, මම විඳිනවා" යනුවෙන් ඔවුන් තුළ හැඟීමක් පවතී. ධර්මයේදී මෙය හඳුන්වන්නේ " අස්මීමානය " ලෙසයි. මෙය තවත් පුළුල් ලෙස විග්‍රහ කර දැක්වූ කරුණකි. මෙලෙස "මම" යන හැඟීමක් පවතින නිසා ඔවුන් තුළ තෘෂ්ණාව උපදී. එම තෘෂ්ණාව හේතුවෙන්ම යළි යළි සසර තුළ ඉපදෙමින් මැරෙමින් … Continue reading අස්මිමානය
ධර්මයේ අනුහස
ඔබ නිවැරදිව ධර්ම මාර්ගයේ ගමන් කරන්නේද නැද්ද හෝ, ඔබට නිවැරදි ධර්මය මුණ ගැසී ඇත්ද යනු පරීක්ෂා කළ හැක්කේ ඔබටමය. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කිසිඳු අඩුපාඩුවක් නැත. නමුත් ශාසනය විනාශ වන්නවුන් බිහිවන්නේ ශාසනය තුළින්ම බැව් බුදු පියාණන් වහන්සේ දෙසූ සේක. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්යයි. එනම් දුක, දුකට හේතුව, දුක නිවීම හා … Continue reading ධර්මයේ අනුහස
ඵල සමවත්…
මාර්ග ඵල ලාභී කෙනෙකුට ඵල සමවතට සම වැදීමෙන් නිවන් සුව මේ ජීවිතයේදීම අත්දැකිය හැකිය. එහෙත් සමහරුන් කියනා "ඵල සමවත් වලට සම වදින්නට බැහැ. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ" ආදී ප්‍රකාශ අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබේ. එවැනි අය අංගුත්තර දසක නිපාතයේ සමාධි සූත්‍රය සාරිපුත්ත සූත්‍රය, අංගුත්ත 11 වන නිපාතයේ 1-2-3-4 යන සමාධි සූත්‍රවල දක්වා ඇති කරුණු … Continue reading ඵල සමවත්…
සුබවාදීව නිවන් මග පූරණය කරමු
ජීවීතයේ ඔබට සිදුවන සෑම දෙයක්ම, ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කමටහනක් කර ගන්න. හොද දෙයත්, නරක දෙයත්, සුභ දෙයත්, අසුභ දෙයත්, ප්‍රීතිමත් දෙයත්, දුක් සහිත දෙයත් සෑම දෙයක්ම ඔබව යම්කිසි හෝ අවබෝධයක් කරා ගෙන යන, වෙස්වළාගෙන පැමිණෙන ආශිර්වාදයන් සේ දකින්න. දිව්‍ය තල වල සිටින දෙවිවරුන්ට ඇතැම් විට ධර්මය අවබෝධ කරගැනීමට අපහසු වන්නේ, ඔවුනට දුක්ඛ සත්‍යය … Continue reading සුබවාදීව නිවන් මග පූරණය කරමු
බෝධි පූජාව නුසුදුසුද ?
බුදු පිළිම වන්දනාව, බෝධි වන්දනාව පහත හෙලන, හෑල්ලුවට ලක් කරන අන්දමේ මත සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නිර්වාණය යනු ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා පූරණය කර, ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු තත්වයකි. එය කුමන අන්දමේ හෝ වන්දනාවකින්, ප්‍රාර්ථනයකින් අත්පත් කර ගත නොහැකි තත්වයකි. මේ නාමරූප ධර්මයන්ගේ යථා ස්වරූපය ප්‍රත්‍යක්ෂව දැන සංයෝජන ධර්මයන් ප්‍රහීන කරමින් ලබා ගන්නා … Continue reading බෝධි පූජාව නුසුදුසුද ?
ලෝකය ගවේෂණය
මේ ලෝකයේ විවිධ ස්ථාන වල සංචාරය කිරීමට කවුරුත් කැමැත්තක් දක්වයි. විවිධ දර්ශන නැරඹීමටද විවිධ ගොඩනැගිලි හෝ නගර නැරඹීමටද නැතහොත් ගස් වැල් පිරි මහ වනාන්තර බැලීමට යෑමට බහුතරයක් මිනිසුන් ප්‍රියතාවයක් දක්වයි. ඒ ඒ ස්ථාන වලට ඇති ආවේණික ඉතිහාසය හෝ තාක්ෂණය හෝ සුන්දරත්වය දැනගැනීම සාමාන්‍ය ජීවිතයේ යෙදීම් වලදී වැදගත් වේ. සාමාන්‍ය මිනිසුන්ට යෑමට නොහැකි අභ්‍යාවකාශය හෝ ගැඹුරු … Continue reading ලෝකය ගවේෂණය