පන්සිල් සුරකිමු

ප්‍රාණඝාතයෙන් වෙන්වීම, නුදුන් දේ නොගැනීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, සුරාවෙන් වැළකීම.. මෙම සික්ෂා පද තුළ මිනිසෙකුගේ දෙලොව දියුණුවට අවශ්‍ය සියල්ල ගැබ්වී ඇත. එක් සික්ෂාපදයක්වත් නොකඩවා සිටින්නට දිනක් උත්සාහ කර බලන්න.එවිට එහි ඇති ගැඹුර අවබෝධ වනු ඇත. චේතනාවකින් යුතුව, මැරෙන බව දැන ගෙන මදුරුවෙක් මැරීම තුළින් සිල් පදය කඩවේ. අතේ වසා සිටින මදුරුවකුට අතින් ගසා … Continue reading පන්සිල් සුරකිමු

අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ

"ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛො...." ලෝකයම හිස් වී ගියාක් මෙන් දැනේ.... හිරු දහසක් පෑයුවද හදවත පුරා ඇති මේ අන්ධකාරය නිවා දැමිය නොහැක්කාක් මෙනි.. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒකාන්ත දුකකි..!!!! අධිගම අල්පේච්චතාවයෙන් යුක්තව, මිනිස් ඇසුර හැකි තරම් අවම කොට, ඉතාමත් නිහඩ, සරල ජීවිතයක් ගත කළ , උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්, තමන් වහන්සේගේ මරණයද ලෝක සත්වයාට කමටහනක් ලෙස ඉතිරි කරමින්, … Continue reading අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ

විදර්ශනාව වඩමු

අපේ සිත සෑම විටම බාහිර ලොව සමඟ බැඳී වෙළී ගැට ගැසී පවතී. ඇසින් දකින, දුටු දෙයක් ගැන හෝ, ඇසූ, අසෙන දෙයක් ගැන හෝ, විඳින, විඳි දෙයක් ගැන හෝ ආදී ලෙසින් සෑම විටම පාහේ මේ කය සහ සිත ඇසුරු කරගෙන පිට ලෝකයෙන් ලැබූ අරමුණක් කෙරෙහි ඇලෙමින් හෝ ගැටෙමින් පවතී. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන … Continue reading විදර්ශනාව වඩමු