අස්මිමානය

මේ විශ්වයේ සිටින සෑම කෙනකු තුළම "මම" යන හැඟීම පවතී. "මම කරනවා, මම සිතනවා, මම විඳිනවා" යනුවෙන් ඔවුන් තුළ හැඟීමක් පවතී. ධර්මයේදී මෙය හඳුන්වන්නේ " අස්මීමානය " ලෙසයි. මෙය තවත් පුළුල් ලෙස විග්‍රහ කර දැක්වූ කරුණකි. මෙලෙස "මම" යන හැඟීමක් පවතින නිසා ඔවුන් තුළ තෘෂ්ණාව උපදී. එම තෘෂ්ණාව හේතුවෙන්ම යළි යළි සසර තුළ ඉපදෙමින් මැරෙමින් … Continue reading අස්මිමානය

ධර්මයේ අනුහස

ඔබ නිවැරදිව ධර්ම මාර්ගයේ ගමන් කරන්නේද නැද්ද හෝ, ඔබට නිවැරදි ධර්මය මුණ ගැසී ඇත්ද යනු පරීක්ෂා කළ හැක්කේ ඔබටමය. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කිසිඳු අඩුපාඩුවක් නැත. නමුත් ශාසනය විනාශ වන්නවුන් බිහිවන්නේ ශාසනය තුළින්ම බැව් බුදු පියාණන් වහන්සේ දෙසූ සේක. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්යයි. එනම් දුක, දුකට හේතුව, දුක නිවීම හා … Continue reading ධර්මයේ අනුහස

ඵල සමවත්…

මාර්ග ඵල ලාභී කෙනෙකුට ඵල සමවතට සම වැදීමෙන් නිවන් සුව මේ ජීවිතයේදීම අත්දැකිය හැකිය. එහෙත් සමහරුන් කියනා "ඵල සමවත් වලට සම වදින්නට බැහැ. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ" ආදී ප්‍රකාශ අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබේ. එවැනි අය අංගුත්තර දසක නිපාතයේ සමාධි සූත්‍රය සාරිපුත්ත සූත්‍රය, අංගුත්ත 11 වන නිපාතයේ 1-2-3-4 යන සමාධි සූත්‍රවල දක්වා ඇති කරුණු … Continue reading ඵල සමවත්…

සුබවාදීව නිවන් මග පූරණය කරමු

ජීවීතයේ ඔබට සිදුවන සෑම දෙයක්ම, ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කමටහනක් කර ගන්න. හොද දෙයත්, නරක දෙයත්, සුභ දෙයත්, අසුභ දෙයත්, ප්‍රීතිමත් දෙයත්, දුක් සහිත දෙයත් සෑම දෙයක්ම ඔබව යම්කිසි හෝ අවබෝධයක් කරා ගෙන යන, වෙස්වළාගෙන පැමිණෙන ආශිර්වාදයන් සේ දකින්න. දිව්‍ය තල වල සිටින දෙවිවරුන්ට ඇතැම් විට ධර්මය අවබෝධ කරගැනීමට අපහසු වන්නේ, ඔවුනට දුක්ඛ සත්‍යය … Continue reading සුබවාදීව නිවන් මග පූරණය කරමු

බෝධි පූජාව නුසුදුසුද ?

බුදු පිළිම වන්දනාව, බෝධි වන්දනාව පහත හෙලන, හෑල්ලුවට ලක් කරන අන්දමේ මත සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නිර්වාණය යනු ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා පූරණය කර, ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු තත්වයකි. එය කුමන අන්දමේ හෝ වන්දනාවකින්, ප්‍රාර්ථනයකින් අත්පත් කර ගත නොහැකි තත්වයකි. මේ නාමරූප ධර්මයන්ගේ යථා ස්වරූපය ප්‍රත්‍යක්ෂව දැන සංයෝජන ධර්මයන් ප්‍රහීන කරමින් ලබා ගන්නා … Continue reading බෝධි පූජාව නුසුදුසුද ?

ලෝකය ගවේෂණය

මේ ලෝකයේ විවිධ ස්ථාන වල සංචාරය කිරීමට කවුරුත් කැමැත්තක් දක්වයි. විවිධ දර්ශන නැරඹීමටද විවිධ ගොඩනැගිලි හෝ නගර නැරඹීමටද නැතහොත් ගස් වැල් පිරි මහ වනාන්තර බැලීමට යෑමට බහුතරයක් මිනිසුන් ප්‍රියතාවයක් දක්වයි. ඒ ඒ ස්ථාන වලට ඇති ආවේණික ඉතිහාසය හෝ තාක්ෂණය හෝ සුන්දරත්වය දැනගැනීම සාමාන්‍ය ජීවිතයේ යෙදීම් වලදී වැදගත් වේ. සාමාන්‍ය මිනිසුන්ට යෑමට නොහැකි අභ්‍යාවකාශය හෝ ගැඹුරු … Continue reading ලෝකය ගවේෂණය

ධර්මය නම් විස්මිත මාළිගාවේ සැරිසැරීමට ප්‍රථම…

ඉතා විසිතුරු විශාල මාලිගාවක සතරදෙසින් ඇති දොරටු සතරකි. සංචාරකයන් සතර දෙනෙක් මෙම දොරටු සතරෙන් මාලිගාවට පැමිණ මුළු මාලිගාව පුරා සංචාරය නොකොට ඔවුන් දකිනා දෙය විස්තර කරයි. යම් කලෙක මෙම සතර දෙනාගේ විස්තර වෙන වෙනම ඇසූ පුද්ගලයෙකුට ව්‍යාකූල තත්වයක් හටගැනීමට පුළුවන. නමුත් සංචාරකයන් සතර දෙනාගේම විස්තරයෝ සත්‍ය වෙති. අයෙකුට මාලිගාවේ ස්වභාවය පිටත සිට ද පැවසිය හැක. … Continue reading ධර්මය නම් විස්මිත මාළිගාවේ සැරිසැරීමට ප්‍රථම…

ශුන්‍යතාවය ඉක්මවා නිවන අවබෝධ කර ගන්නේ කෙසේද ?

අප ඇසුරු කරන පුද්ගලයන්, පරිහරණය කරන වස්තූන් කෙරෙහි අප සිත් තුළ ඇති වන හැඟීම් විවිධාකාර වේ. ඇතැම් දේවල් වලට අප ආශා කරන අතර ඇතැම් දේවල් කෙරෙහි එතරම් ආශාවක් නැත. පුද්ගලයාගෙන් පුද්ගලායටද එය විවිධ වේ. ඇතැම් කෙනකුට ඉඩ කඩම්, යාන වාහන ආදිය මහත් වටිනාකමකින් යුතු දේවල් සේ හැඟෙයි. තවත් කෙනෙකුට දරුවන් මහත් වටිනා දෙයකි. තවත් කෙනකුට … Continue reading ශුන්‍යතාවය ඉක්මවා නිවන අවබෝධ කර ගන්නේ කෙසේද ?

නැවත නැවත ඉපදෙන්නේ ඇයි ?

මේ ලෝකය පිළිබඳ අප දත යුතු කරුණු තුනකි. එනම් ලොව පවතින සියළු ජීවී, අජීවී දෑ අනිත්‍ය බව, දුක් බව හා අනාත්ම බවයි. ත්‍රිලක්ෂණය ලෙස ඒව හඳුන්වන්නේ එබැවිනි. සියළු දෑ කෙරෙහි පවතින සත්‍ය වූත්, පොදු වූත් ලක්ෂණ තුන එය වේ. යමෙක් මේ ලක්ෂණ තුන පසක් කොට, ප්‍රත්‍යක්ෂ ලෙස නුවණින් අත්දකින්නේද, එතෙකින් ඔහු මේ සංසාරය තුළ ගමන … Continue reading නැවත නැවත ඉපදෙන්නේ ඇයි ?

දුක හා දුකට හේතුව

අනමතග්ග සංසාරය පුරා ගමන් කරන සත්වයින් නිරන්තරයෙන්ම පිහිටියේ දුකේමය. වරක් බුදුරජාණන්වහන්සෙ දේශනා කලේ අතීත සංසාරයේ නුඹලා විසින් විඳින ලද දුක දන්නේ නම් හිස ගිනි ගෙන තිබුනද මේ අවබෝධ නොකළ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ කරනු ඇති කියාය. උන්වහන්සේ මෙවන් උපමාවක් ගෙන හැර පෑවේ සසරේ සතවයින් විසින් විඳින දුක පිලිබඳ ඉතා පැහැදිලි නිරවුල් අවබෝධයක් සහිතව ඒ … Continue reading දුක හා දුකට හේතුව