සෝවාන් වන්නට වීර්යය කරන පුද්ගලයකු පුහුණු කළ යුතු අංග හතරක් තිබේ. එනම්, කළ්‍යාණ මිත්‍ර සේවණය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව යන හතරයි. ඉහත හතරම එකකට එකක් නොදෙවෙනි සේ ඉතා වැදගත් වේ. මෙම ලිපියෙන් යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද යන්න විමසා බලමු. යෝනිසෝ මනසිකාරය යනු සරලව දක්වනවානම් නුවණින් මෙනෙහි කිරීමයි. එනම් අරමුණෙහි මුලා නොවී ඇත්ත ඇති … Continue reading යෝනිසෝ මනසිකාරය
සෝවාන් වූ අයෙක් හඳුනා ගන්නේ කෙසේද ?
සෝවාන් වූ අයෙක් හඳුනා ගන්නේ කෙසේද ? නිතර දෙවේලේ මෙම ප්‍රශ්නය දකිනා බැවින් ඒ ගැන සටහනක් තබන්නට සිතුවෙමු. ප්‍රායෝගික වශයෙන් ඒ කරුණු ගොනු මෙසේ ගොනු කරමු. ඇත්තෙන්ම ඉහත පැනයට කෙටිම පිළිතුර එසේ හඳුනා ගත නොහැකිය යන්නයි. සෝවාන් වූ කෙනෙක් තබා, රහතන් වහන්සේ කෙනෙක් වූවද බාහිර වශයෙන් හඳුනා ගත නොහැකිය. බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ … Continue reading සෝවාන් වූ අයෙක් හඳුනා ගන්නේ කෙසේද ?
ඔබ පුරුදු කර ඇති සිත !
භාවනාවට ප්‍රවිෂ්ඨ වන ආධුනික අයටත්, කාලයක සිට කරන අයට වුවත් ඇති විශාලම ගැටළුව සිත එකඟ කර ගැනීමට නොහැකි වීමත්, සිත පිට යාමත් ය. දිගින් දිගටම මෙසේ සිත පිට යද්දි, කුඩා හෝ සමාධියක් නොලැබෙද්දී, ඔවුනට භාවනාව වෙහෙසකාරී ලෙස දැනේ. උනන්දුව, වීර්යය හීන වී යා හැකියි. භාවනාවට වාඩි වී සුළු මොහොතකින්ම, තමාටත් නොදැනීම සිත නොයෙක් අරමුණු ඔස්සේ … Continue reading ඔබ පුරුදු කර ඇති සිත !
නිවන් මගට යෙදූ මුල්ම පියවර !
නොමළ ගෙයකින් අබ මිටක් සොයමින්, මළ කිරිකැටියාත් තුරුළු කොටගෙන එදා ගෙයක් ගෙයක් ගානේ, කිසා ගෝතමිය දිව ගියේ උමතුවෙනි. සිය ප්‍රාණය මෙන් පෙම් කළ දරු දෙදෙනාත්, ස්වාමි පුරුෂයාත්, දෙමාපියන්ද අහිමිව ගිය පටාචාරාව බුදුරජාණන්වහන්සේ අභිමුවට පැමිණියේ ඇඳි වතත් අහිමිවය. 999 ක් මිනිසුන් මරා, තම මව මරා ආනන්තරීය පාප කර්මය කිරීමට ක්ෂණයකට පෙර අංගුලිමාලට එදා මහා වනයේදි බුදු … Continue reading නිවන් මගට යෙදූ මුල්ම පියවර !
අප්‍රමාදී වෙමු
ජීවිතය මොන තරම් කාර්යබහුලද…පැය විසිහතර මදි යැයි හැඟෙනවාද..! උදෑසන අවදි වූ මොහොතේ පටන් ජීවීතය පවත්වාගෙන යෑම පිණිස අප විසින් සිදු කරන දේවල් කොපමණද.. එදිනෙදා ගෙදර දොරේ වැඩ, කාර්යාල වල වැඩ, දරුවන්ගේ වැඩ, දෙමාපියන්ගේ වැඩ, සමාජීය වැඩ, යහළුවන් නෑදෑයන්ගේ වැඩ, වතු පිටි, ගේ දොර වල වැඩ… ඉලක්ක පසු පස හඹා යන ජීවිත වලට තමන් වෙනුවෙන් වෙන් … Continue reading අප්‍රමාදී වෙමු
බුදුගුණ භාවනාව
සසර කෙටි කර ගැනීමට යන මේ ගමන තුල එල්ල වන බාධා අපමණය. අප්‍රමාණය. යම් සතර බ්‍රහ්ම විහරණ සිත් දරා නැති අයෙක් නිවැරදිව මාර්ගය වටහාගෙන තමා සසර කෙටි කරගැනීමට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සිතුවිලි සිතෙහි ඇතිකර ගත් දා පටන් මාරයා ගේ උදහසටත් නොයෙකුත් තාඩන පීඩනයන්ට ලක්වීමට සිදුවේ. එදා බෝධි මුලයේදී අප බෝසතුන් වහන්සේ කොපමණ නම් මාර සේනාවන්ගේ … Continue reading බුදුගුණ භාවනාව
සංඥාව
සංඥාව යනු හඳුනා ගැනීමයි. මේ ජීවිතය පුරා මේ වන තෙක් අප විසින් හඳුනා ගන්නා ලද දේවල් ප්‍රමාණය මෙතැකැයි කියා ගණනය කළ නොහැක. සංසාරය පුරාම කොතෙක් නම් හඳුනා ගැනීම් සිදුකරන්නට ඇත්ද? සංඥා ස්කන්ධය ලෙස එය හඳුන්වන්නේ එබැවිනි. වර්ණ වශයෙන්, හොද නරක වශයෙන්, ලස්සන, කැත, උස,කොට නම්, ආදී නොයෙක් ලෙසින් අප හඳුනා ගැනීම් කරන්නෙමු. ඇසට දකින රූප … Continue reading සංඥාව
ඔබ දන්නේ කොපමණද ?
"The more you know, the more you realize you don't know."Aristotle අප ඉගෙන ගන්නා කාලයේදී වසරින් වසර උසස් පංති වලට සමත් වීමේදී අපේ බුද්ධිය වැඩිවුණි. දැනුම වැඩිවුණි. නමුත් ඒ ඒ වසරවලදී අපට සිතෙන්නේ අප ගොඩක් දේ දන්නවා කියාය. පහ වසරදී ශිෂ්‍යත්වය යනු ලොකු විභාගයකි. ඉන් පසු සාමාන්‍ය පෙළදී එය බැරෑරුම්ය. ඉන් පසු උසස් පෙළදී අනෙක් … Continue reading ඔබ දන්නේ කොපමණද ?
සම්මා සම්බුද්ධො
සම්මා සම්බුද්ධ බුදු ගුණය "ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරෝපදේශ රහිතවම, ස්වයංභූ ඥානයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක!". අප සැවොම දන්නා සම්මා සම්බුද්ධ බුදු ගුණය කැටි කර දක්වන පාඨය එයයි. එය ඉතා සරලව එසේ දැක්වුවත් විස්තර වශයෙන් විමසා බලන කළ එය ඉතා ගම්භීරය. චතුරාර්ය සත්‍ය … Continue reading සම්මා සම්බුද්ධො
සචිත්ත පරියො දපනං
බොහෝ දෙනෙක්ට නිවන , මාර්ග ඵල, ධ්‍යාන, ආදී දේ ගැන ඇත්තේ අවුල් සහගත අවබෝධයකි. හදවතින්ම නිවන් දකින්නට ඕනෑ කෙනෙක් වූවද නොයෙක් වියවුල් වලින් සිත පුරවාගනී. එහෙයින් ඉතාමත් සරලව යමක් ඒ පිළිබඳව පළ කරමු. ඇස් ඇර අවට බැලූ විට අපට පෙනෙන දේවල් කොතෙක්ද? පණ ඇති, පණ නැති දේවල් බොහෝමයක් අපේ ඇස් සීමාවේ අපට දැකිය හැකිය. එලෙසින්ම … Continue reading සචිත්ත පරියො දපනං