බොහෝ දෙනා නිදහස අගයති.. නිදහස වෙනුවෙන් සටන් කරති. නිදහසේ ලියන්නට...කියන්නට...ගමන් බිමන් යන්නට...විනෝද වන්නට..කාටවත් යටත් නොවී සිටින්නට... සටන් කරති...නමුත් ඒ සෑම දෙනාම කෙලෙස් වලින් සිරගත වී කිසිම නිදහසක් නැතිව මොහොතක් පාසා බැටකමින් සිටිති.. ආධ්‍යත්මිකව දුක් විඳිමින් සහනය බාහිරින්ම සොයති.. තවත් කෙනෙකුගෙන් එය බලාපොරොත්තු වෙති.. සත්‍ය නම් අපේ නිදහස නැති කරන්නට සමත් කිසිවකු මෙලොව නැත.. එය ඇති … Continue reading නිදහස
වටිනාකම්
අද වටිනාකම් දී, ජීවීතයම පරදුවට තබා වෙහෙසවන සියළු දේ මිරිඟුවක්ම පමණි. එය අවබෝධ කරගැනීම ඉතා දුෂ්කරය. ප්‍රඥාවන්ත වූවෝ ඒ සියළු දෑ අතහැරියේ අළුයම ලූ කෙළ පිඬක් සේය. විමුක්තිය සොයා, මහා වන මැද බවුන් වඩමින් සැබෑ සුවය අත්පත් කර ගත්තෝය.බොහෝ දෙනා, ඒ ප්‍රඥාවන්තයන් අසූචි සේ ඉවත ලූ දේ, මහා වටිනා කම් දෙන දේවල් යැයි සිතා, කෙලෙස් … Continue reading වටිනාකම්
සකදාගාමි වීම !
සෝවාන් වී සිටී යැයි රැවටී සිටිනා බොහෝ අය අද සිටිනා බැවින්, තමා ලබා ඇතැයි සිතා සිටිනා මාර්ගඵලය සත්‍ය වශයෙන්ම ලැබී ඇත්දැයි දැනගැනීම සඳහා "සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය ඉතා පැහැදිලිව පෙනේවා" යි අධිෂ්ඨාන කර, විදර්ශනා භාවනා කරමින් සක්කාය දිට්ඨිය නිරුද්ධ වී යාම ප්රත්යක්ෂ ලෙසම අත්දැකිය යුතුය. එය එක් ආකාරයකින් පමණක් නොව, ආකාර පහක් හයකින් … Continue reading සකදාගාමි වීම !
සෝවාන් වීම !
සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයන් නැවත කිසිදා නූපදින අන්දමින් නිරුද්ධ වේ. පඤ්චස්කන්ධ ධර්මයන් ආත්ම වශයෙන් ග්රාහණය කිරීම සක්කාය දිට්ඨියයි. විචිකිච්ජා යනුවෙන් හැඳින්වෙන්නේ ත්‍රිවිධ රත්නය, පෙර භව, පසු භව, පෙර පසු භව පටිච්චසමුප්පාද ධර්ම හා ත්රිශික්ෂාව පිළිබඳව පහල වන සැකයයි. සීලබ්බත පරාමාස යන දුකින් නිදහස් වීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් … Continue reading සෝවාන් වීම !
අප්‍රමාදීව නිවන් අවබෝධ කොට සසර දුකෙන් අත් මිදෙන්න…
ඔබ යමකට තදින් බැඳී ඇලී සිටින තාක් කල් එහි අනිසි පැත්ත නොපෙනේ. දුක වුවද දැනෙන්නේ සැපක් ලෙසටය. එය තණ්හාවේ ස්වභාවයයි. අප කෙනෙක්ට දැඩිව ආදරේ කරන්නේ නම් එම පුද්ගලයාගේ නුගුණ අපට නොදැනේ. නොපෙනේ. පෙනුණද ඒවා එතරම් තදින් සිතට බල නොපායි. ආශාව, තණ්හාව යනු ආදීනවය වසා ලන, ප්‍රඥාව නැමැති ඇස වසා දමමින් බඳින ලද කඩතුරාවකි. අප මේ … Continue reading අප්‍රමාදීව නිවන් අවබෝධ කොට සසර දුකෙන් අත් මිදෙන්න…
භාවනාවට අවශ්‍ය පසුබිම
භාවනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා ඉතාමත්ම සුදුසු වේලාවක් තෝරාගත යුතුය. රැකියාවට ගොස් නිවසට පැමිණ සියළු කටයුතු නිමා කොට නින්දට පෙර කාලය ඔබ තෝරාගන්නේ නම්, ආධුනික අයෙක්ට එය සුදුසු නොවනු ඇත. මන්දයත් වෙහෙස වී කයත් සිතත් සොයනුයේ නින්දකි. එවිට ඔබ භාවනාවේදී නින්දට යටවී ඔබට භාවනා එපා වීමට පුළුවන. භාවනා කිරීමට නම් කාය විවේකයද අත්‍යවශ්‍යය. දවස … Continue reading භාවනාවට අවශ්‍ය පසුබිම
රූප ස්කන්ධය
මිනිස් පියවි ඇසට පෙනෙන රූප මෙන්ම නොපෙනෙන රූපද ඇත. උදාහරණ ලෙස අමනුෂ්යන්, දෙවියන් ආදී රූප අපේ දෘෂ්ටි පරාසයට හසු නොවේ. රූපය සහ නාමය යන දෙකින් රූපය යන්න විමසීමේදී අපේ සාමාන්‍ය ඇසට එය අත්, කකුල්, බඩ, පපුව ලෙසින් වෙන් වෙන්ව අප හඳුනා ගැනීමට හැක. රූපය මෙසේ විමසමින් යන විට තවත් සියුම් ලෙස දෙතිස් කුණප ලෙසින් වුව … Continue reading රූප ස්කන්ධය
සංස්කාර ස්කන්ධය
අරමුණක් හමුවූ විට විඥාණ,සංඥා, වේදනා යන නාම ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය ඔබ දැන් දනී. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන්ට අරමුණක් හමුවූ විට පළමුව ඒ පිළිබඳ දැනීම් මාත්‍රයක්, ඉන්පසු එම අරමුණ හඳුනා ගන්නා සංඥාවක්, එම සංඥාවට අනුකූල වූ වේදනාවක් ජනිත වේ. මෙහිදී වේදනාව ඇතිවූ පසු නැවත නැවත සංඥාවන් ජනිත වේ. සංඥාව නිසා වේදනාවත්, … Continue reading සංස්කාර ස්කන්ධය
වේදනා ස්කන්ධය
වේදනා ස්කන්ධය : ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන්ට අරමුණක් හමුවූ විට පළමුව විඥාන ස්කන්ධයත්, එනම් එම හමුවූ අරමුණ පිළිබඳ දැනීම් මාත්‍රයක්ද ඉන්පසු ඒ අරමුණ හඳුනා ගන්නා සංඥාවද ඇතිවේ. මෙම සංඥාව ඇතිවූ පසු ඒ හඳුනා ගන්නා ආකාරය අනුව වේදනාව උපදී. එය වේදනා ස්කන්ධය ලෙස හඳුන්වන්නේ ඉතාමත් අසීමිත වූ ප්‍රමාණයන්ගෙන් වේදනාව ගණන් මිනුම් වලින් … Continue reading වේදනා ස්කන්ධය
විඥාණ ස්කන්ධය
විඥාණ ස්කන්ධය : ඇසට රූපයක් හමුවූ විට පළමුව ඇතිවන්නේ දැනීමය. එය චක්ඛු විඥාණය ලෙසින් හඳුන්වයි. ඇසට රූපයක් හමුවූ විට, ආලෝකය, ක්‍රියාත්මක වන සිතක් යන හේතු ඇතිවිට චක්ඛු විඥානය පහළ වේ. කුමන තත්වයක සිටින කෙනකුට වුවද මෙය පොදුය. තමන්ගේ කැමැත්තට හෝ අකැමැත්ත අනුව විඥානය පහළ වීම වෙනස් කරගත නොහැක. එය හේතූන් නිසා හටගත් ඵලයක් පමණි. එම … Continue reading විඥාණ ස්කන්ධය