ඒ වගේම මේ නාමස්කන්ධය අනාත්මයි කියන එක අවබෝධ කරගත යුතුයි. මේ නාමස්කන්ධය නිසා තමයි , මමය කියලා හිතන්නේ, මගේය කියල හිතන්නේ. මම, මගේ කියලා හිතන එකත් නාම ධර්මයක්. වෙන දෙයක් නෙවෙයි. මේකේ ආත්මයක් තියනවා, මෙත ස්ත්‍රියක් ඉන්නවා, පුරුෂයෙක් සිටිනවා ආදී වශයෙන් යම්කිසි කෙනකුගේ සංකල්පනාවක්, සංඥාවක් ආදී දේවල් තියනවා, ඒ ඔක්කොම නාමස්කන්ධයට අයත් ධර්ම. ඒවා ඒ … Continue reading නාමරූප (4 කොටස )
නාමරූප (3 කොටස )
සංඛත, අසංඛත ඕනෑම දේකට ධාතු කියන වචනය පාවිච්චි කරන්නට පුළුවන්. ධාතු කියන්නේ සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොවන ස්වරූපය කියන එක. එතකොට මුළු ශරීරයේම තියන මූල ධාතු හතර පඨවි ධාතු දෙස බලලා, මේක ආත්මයක් නොවේ, මම මගේ නොවේ, හුදු හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයක් කියලා හිතලා ඒ පඨවි ධාතුව සිතින් වෙන් කරනවා නම්, ඒ වගේම එලෙසින්ම සිතලා … Continue reading නාමරූප (3 කොටස )
නාමරූප (2 කොටස )
මේ රූපයන් නිසාත් යම්කිසි ආශ්වාදයක් ලැබෙනවා සිතට. ආශ්වාදය කුමක්ද කියලත් තේරුම්ගත යුතුයි. ඒවගේම රූපයේ තියනවා ආදීනව රාශියක්. කියන්නට බැරිතරම් අතිවිශාල ප්‍රමාණයක් තියනවා රූපයේ පැවැත්ම නිසා. රූපස්කන්ධයේ පවත්වාගෙන යෑම සඳහා යම්තාක් දේවල් කරන්නට සිදුවෙනවා නම් ඒ සෑම එකක්ම් ආදීනවයක්. මේ රූපය ජරාවට පත්වන එක, ව්‍යාධියට පත්වන එක, දිරන එක, කවල පොවල, නහවල පවිත්‍ර කරල, පෝෂණය කරවන … Continue reading නාමරූප (2 කොටස )
නාමරූප (1 කොටස )
අද මේ අයට නාම රූප අළලා සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම නිවන් ලැබීමට බලාපොරොත්තු වන අය විසින් විදර්ශනා භාවනාව තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ අනාත්ම ස්වරූපය අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි. ඒ අනුව අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන දේශනාවක් තමයි මේ නාම රූප වෙන් වශයෙන් දකිමින් කරනු ලබන භාවනාව. නාම රූප වශයෙන් දැකීමෙන් … Continue reading නාමරූප (1 කොටස )
ඇලීම් ගැටීම් (5 කොටස)
එතකොට මේ දේශනාවේ අනික් කරුණු මේ අයට මං කියන්නේ නෑ. මොකද මේ අයට කිව්වට ඒ කරුණු එතරම් තේරුම් ගන්නට බැහැ. ‘චේතො විමුක්තීන්’, ‘පඤ්ඤා විමුක්තීන්’ ආදී කරුණු. ඒ වගේම මේවට ඇලීම නිසා කර්ම භව රැස්වෙලා නැවත ඉපදෙන්නේ කොහොමද කියන ආදී කරුණු මේ ධර්ම දේශනාවට මං ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන් නැහැ. එතකොට මේ කියපු කරුණු ටික ජීවිතයට … Continue reading ඇලීම් ගැටීම් (5 කොටස)
ඇලීම් ගැටීම් (4 කොටස)
ඇහැට පේන රූප වලටත් ඒ විදියට පිළිපඳින්න පුළුවන්. කණට ඇහෙන ශබ්ද වලටත් , නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස. මේ රස වලට බොහෝ දෙනෙක් ඇලෙනවා ප්‍රිය රසට. අප්‍රිය රසට ගැටෙනවා. මෙහිදී පැහැදිළිවම තේරුම් ගන්න තමන් මේ ඇලෙන්නේ ගැටෙන්නේ මොන වගේ ජරා ගොඩකටද කියලා. කටට ගත්තු, අරගෙන හපන හපන වාරයක් වාරයක් පාසාම ඒ ප්‍රිය වූ … Continue reading ඇලීම් ගැටීම් (4 කොටස)
ඇලීම් ගැටීම් (3 කොටස)
අපිට ඇහැට රූපයක් දැකලා ඇලීමක් ඇතිවෙනවා නම් 'ඇලීමක්-ඇලීමක්, ආසාවක්-ආසාවක්, තණ්හාවක්-තණ්හාවක්, රාගයක්-රාගයක් ’ ආදී වශයෙන් සිහි කරන්නට පුරුදු වෙන්න. එදිනෙදා ජීවිතයට අපිට මේක එකතු කරගෙන ඒක පුරුදු වන්න. එහෙම පුරුදු වුනාට පස්සේ තමන්ට පුළුවන් කම ලැබෙනවා මේ ඇලීම් ගැටීම් බොහෝ දුරට අඩු කරගන්න. තමන් ඒ දකින ලද රූපය කෙරෙහි ගැටීමක් ඇතිවෙනවා නම් නුරුස්සනා බවක්, අමනාපයක් ආදී … Continue reading ඇලීම් ගැටීම් (3 කොටස)
ඇලීම් ගැටීම් (2 කොටස)
මේ අය භාවනා කරනවා. ටිකක් හරි භාවනාවෙ යම්කිසි සමාධි, ප්‍රඥා දියුණු මට්ටමක් තියෙනවා. ඒ නිසා කරුණු තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. ඇයි මේ ඇලීමක් ඇතිවන්නේ, ඇයි මේ ගැටීමක් ඇතිවන්නේ කියලා. ඇහැට රූපයක් දැක්කට පස්සේ ප්‍රිය රූපයට ඇලෙන්නේ තමාගේ සිත තුළ ඒ ප්‍රිය රූපයට දැක්කාට පස්සේ සියුම් වේදනාවක් ඇතිවෙනවා. සුඛ ආශ්වාදය ගෙන දෙන, මේක හොඳ … Continue reading ඇලීම් ගැටීම් (2 කොටස)
ඇලීම් ගැටීම් (1 කොටස)
මේ අයට එදිනෙදා ජීවිතයටත් ප්‍රයෝජනවත් වන ආකාරයේ, ඒ වගේම නිවන් ලබාගැනීමටත් උපකාර වන දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. මෙම දේශනාවෙන් අප ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ, එදිනෙදා ජීවිතයේදි මේ පටිච්ච සමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය දැකලා, ඒ තුළින් සංසාරය දික් ගැස්සෙන ආකාරයත්, ඒ වගේම ඒ පටිච්ච සමුප්පාද ධර්මයන් ක්රියාත්මක වීම නතර කර ගැනීම තුළින්, නැත්තම් ඒවා … Continue reading ඇලීම් ගැටීම් (1 කොටස)
සෝවාන් වෙලාද ??? ( 2 කොටස )
ඊළඟට සෝවාන් මාර්ග සිත සහ සෝවාන් ඵල සිත පිළිබඳ නුවණවල් දෙකක්. මේක සාමාන්‍යයෙන් නුවණ, ඒතරම් ප්‍රඥාව තිබුණත් නැතිවුණත් ඵල සමවතට සමවදින්නට පුළුවන් වුණත් මාර්ග සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක්, නුවණක් නැතිි කෙනෙකුට දකින එක අපහසුයි. කෙසේ වෙතත් ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඵල සමවතේ විනාඩි 15 ක් පමණ ඉන්නට ඕන. ඒ ඉඳල ඒකෙන් නැඟිටපු ගමන්ම අධිෂ්ඨාන කරන්නට ඕන, … Continue reading සෝවාන් වෙලාද ??? ( 2 කොටස )