සම්මා සම්බුද්ධො

සම්මා සම්බුද්ධ බුදු ගුණය "ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරෝපදේශ රහිතවම, ස්වයංභූ ඥානයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක!". අප සැවොම දන්නා සම්මා සම්බුද්ධ බුදු ගුණය කැටි කර දක්වන පාඨය එයයි. එය ඉතා සරලව එසේ දැක්වුවත් විස්තර වශයෙන් විමසා බලන කළ එය ඉතා ගම්භීරය. චතුරාර්ය සත්‍ය … Continue reading සම්මා සම්බුද්ධො

සචිත්ත පරියො දපනං

බොහෝ දෙනෙක්ට නිවන , මාර්ග ඵල, ධ්‍යාන, ආදී දේ ගැන ඇත්තේ අවුල් සහගත අවබෝධයකි. හදවතින්ම නිවන් දකින්නට ඕනෑ කෙනෙක් වූවද නොයෙක් වියවුල් වලින් සිත පුරවාගනී. එහෙයින් ඉතාමත් සරලව යමක් ඒ පිළිබඳව පළ කරමු. ඇස් ඇර අවට බැලූ විට අපට පෙනෙන දේවල් කොතෙක්ද? පණ ඇති, පණ නැති දේවල් බොහෝමයක් අපේ ඇස් සීමාවේ අපට දැකිය හැකිය. එලෙසින්ම … Continue reading සචිත්ත පරියො දපනං

පන්සිල් සුරකිමු

ප්‍රාණඝාතයෙන් වෙන්වීම, නුදුන් දේ නොගැනීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, සුරාවෙන් වැළකීම.. මෙම සික්ෂා පද තුළ මිනිසෙකුගේ දෙලොව දියුණුවට අවශ්‍ය සියල්ල ගැබ්වී ඇත. එක් සික්ෂාපදයක්වත් නොකඩවා සිටින්නට දිනක් උත්සාහ කර බලන්න.එවිට එහි ඇති ගැඹුර අවබෝධ වනු ඇත. චේතනාවකින් යුතුව, මැරෙන බව දැන ගෙන මදුරුවෙක් මැරීම තුළින් සිල් පදය කඩවේ. අතේ වසා සිටින මදුරුවකුට අතින් ගසා … Continue reading පන්සිල් සුරකිමු

අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ

"ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛො...." ලෝකයම හිස් වී ගියාක් මෙන් දැනේ.... හිරු දහසක් පෑයුවද හදවත පුරා ඇති මේ අන්ධකාරය නිවා දැමිය නොහැක්කාක් මෙනි.. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒකාන්ත දුකකි..!!!! අධිගම අල්පේච්චතාවයෙන් යුක්තව, මිනිස් ඇසුර හැකි තරම් අවම කොට, ඉතාමත් නිහඩ, සරල ජීවිතයක් ගත කළ , උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්, තමන් වහන්සේගේ මරණයද ලෝක සත්වයාට කමටහනක් ලෙස ඉතිරි කරමින්, … Continue reading අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ

විදර්ශනාව වඩමු

අපේ සිත සෑම විටම බාහිර ලොව සමඟ බැඳී වෙළී ගැට ගැසී පවතී. ඇසින් දකින, දුටු දෙයක් ගැන හෝ, ඇසූ, අසෙන දෙයක් ගැන හෝ, විඳින, විඳි දෙයක් ගැන හෝ ආදී ලෙසින් සෑම විටම පාහේ මේ කය සහ සිත ඇසුරු කරගෙන පිට ලෝකයෙන් ලැබූ අරමුණක් කෙරෙහි ඇලෙමින් හෝ ගැටෙමින් පවතී. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන … Continue reading විදර්ශනාව වඩමු

වෙසක්

නොසේදූ තේ කෝප්පයකට එන කූඹි ගණන එම නිවසේ සිටින මිනිසුන් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයකි. ආලෝකයක් වටා එක්වන මෙරුවන් ගණන, කුණු ගොඩක් වටා සිටින මැස්සන්, පණුවන්, කපුටන් ගණන, සීත වනයක සිටින කූඩැල්ලන් ගණන, සමනලයන්, කුරුල්ලන් ගණනින් දැක්විය නොහැකි තරම්ය. වත්ත පහළ වැටී ඇති පොල් අත්තක් තුළ සිටින කූඹි ගණන ගමේ සිටින මිනිසුන් ගණනටත් වඩා වැඩිය. … Continue reading වෙසක්

ඔබේ සතුට අවිනිශ්චිද ?

ඔබත් වැඩියෙන් සිනා වන්නට,වැඩියෙන් සතුටු වන්නට බයද? වැඩි සතුට පසුපස දුකක් සැඟවී ඇතැයි ඔබත් බියයිද? අද සතුටින් සිනහ වී සිටියොත්, හෙට අඩන්නට වේ කියා ඔබත් ඔබේ අද දවසේ සිනහවට සීමා දමා ගන්නවාද ? මෙයට හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද ? ඔබේ සිනහවත් සතුටත්, දුකත් සෑම විටම බාහිර අරමුණක් මතම රඳා පැවතීමට ඉඩ සලසා ඇති බැවිනි. … Continue reading ඔබේ සතුට අවිනිශ්චිද ?

ජීවීතය යනු..

කුඩා දරුවන් බොහෝ විට සිටින්නේ ඒ මොහොතේය. ඔවුන්ගේ සිත තුළ අතීතය ගැන හෝ අනාගතය ගැන හෝ පවත්නා සිතිවිලි අඩුය. මේ මොහොතේ වන දේවල් අනුව ප්‍රතිචාර දක්වමින්, දුක හා සතුට විඳීයි. සමාජ ආශ්‍රය අවම නිසා ඔවුන්ගේ ලෝකය කුඩාය. හිත් තැවුල්, අනවශ්‍යය ප්‍රශ්න අවමය. ගෙදර හා පාසලට ඔවුන්ගේ ලෝකය බොහෝ විට සීමා වී ඇත. නමුත් ක්‍රමයෙන් වැඩෙත්ම … Continue reading ජීවීතය යනු..

යළි යළි බැදෙන්නට පෙර…!

සිත යනු පුරුදු කළ යුතු දෙයකි. පුරුදු කළ හැකි දෙයකි. එය හරියට හීලෑ නැති සත්වයකු හීලෑ කරන පරිදිය. මිනිමරුවකු වීමටත්, සොරකු, වංචා කාරයකු වීමටත්, සිල් ගුණ දම් රකින ගුණවතකු වීමේ සිට සියළු කෙලෙස් දුරු කළ අරිහත්, සමා සම්බුදු යන උත්තම තත්වයන්ට පත්වීමටත් කළ යුත්තේ සිත ඒ ආකාරයෙන් හැඩගස්වා ගැනීමය. සොරුන් අසලට වැටුණු ගිරා පෝතකයාත්, තවුසන් … Continue reading යළි යළි බැදෙන්නට පෙර…!

සිත ක්‍රියාත්මක වන්නේ කෙසේද ?

සත්වයකුගේ ඇඟ සහ සිත නාමරූප වශයෙන් හඳුන්වයි. මෙහි නාමය යනු සිතයි. රූපය යනු ශරීරයයි. සත්වයෙක් පුද්ගලයෙක් යනු මෙම නාම රූප දෙකේ ක්‍රියාවලියයි. සිතේ ප්‍රධාන වශයෙන් කොටස් 4 කි. වේදනා-සංඥා-සංඛාර-විඥාණ ලෙසින් ඒවා දැක්වේ. මෙම නාම ධර්ම හතර සහ රූපය ඉතාමත් වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යයි. එක් ක්ෂණයක් තුළ මේවා අති විශාල ප්‍රමාණයක් ඇතිවෙමින් නැතිවෙමින් යන බැවින් ස්කන්ධ … Continue reading සිත ක්‍රියාත්මක වන්නේ කෙසේද ?