සකදාගාමි වීම !

සෝවාන් වී සිටී යැයි රැවටී සිටිනා බොහෝ අය අද සිටිනා බැවින්, තමා ලබා ඇතැයි සිතා සිටිනා මාර්ගඵලය සත්‍ය වශයෙන්ම ලැබී ඇත්දැයි දැනගැනීම සඳහා "සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය ඉතා පැහැදිලිව පෙනේවා" යි අධිෂ්ඨාන කර, විදර්ශනා භාවනා කරමින් සක්කාය දිට්ඨිය නිරුද්ධ වී යාම ප්‍රත්‍යක්ෂ ලෙසම අත්දැකිය යුතුය. එය එක් ආකාරයකින් පමණක් නොව, ආකාර පහක් හයකින් … Continue reading සකදාගාමි වීම !

සෝවාන් වීම !

සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයන් නැවත කිසිදා නූපදින අන්දමින් නිරුද්ධ වේ. පඤ්චස්කන්ධ ධර්මයන් ආත්ම වශයෙන් ග්‍රාහණය කිරීම සක්කාය දිට්ඨියයි. විචිකිච්ජා යනුවෙන් හැඳින්වෙන්නේ ත්‍රිවිධ රත්නය, පෙර භව, පසු භව, පෙර පසු භව පටිච්චසමුප්පාද ධර්ම හා ත්‍රිශික්ෂාව පිළිබඳව පහල වන සැකයයි. සීලබ්බත පරාමාස යන දුකින් නිදහස් වීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් … Continue reading සෝවාන් වීම !

අප්‍රමාදීව නිවන් අවබෝධ කොට සසර දුකෙන් අත් මිදෙන්න…

ඔබ යමකට තදින් බැඳී ඇලී සිටින තාක් කල් එහි අනිසි පැත්ත නොපෙනේ. දුක වුවද දැනෙන්නේ සැපක් ලෙසටය. එය තණ්හාවේ ස්වභාවයයි. අප කෙනෙක්ට දැඩිව ආදරේ කරන්නේ නම් එම පුද්ගලයාගේ නුගුණ අපට නොදැනේ. නොපෙනේ. පෙනුණද ඒවා එතරම් තදින් සිතට බල නොපායි. ආශාව, තණ්හාව යනු ආදීනවය වසා ලන, ප්‍රඥාව නැමැති ඇස වසා දමමින් බඳින ලද කඩතුරාවකි. අප මේ … Continue reading අප්‍රමාදීව නිවන් අවබෝධ කොට සසර දුකෙන් අත් මිදෙන්න…

භාවනාවට අවශ්‍ය පසුබිම

භාවනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා ඉතාමත්ම සුදුසු වේලාවක් තෝරාගත යුතුය. රැකියාවට ගොස් නිවසට පැමිණ සියළු කටයුතු නිමා කොට නින්දට පෙර කාලය ඔබ තෝරාගන්නේ නම්, ආධුනික අයෙක්ට එය සුදුසු නොවනු ඇත. මන්දයත් වෙහෙස වී කයත් සිතත් සොයනුයේ නින්දකි. එවිට ඔබ භාවනාවේදී නින්දට යටවී ඔබට භාවනා එපා වීමට පුළුවන. භාවනා කිරීමට නම් කාය විවේකයද අත්‍යවශ්‍යය. දවස … Continue reading භාවනාවට අවශ්‍ය පසුබිම

රූප ස්කන්ධය

මිනිස් පියවි ඇසට පෙනෙන රූප මෙන්ම නොපෙනෙන රූපද ඇත. උදාහරණ ලෙස අමනුෂ්‍යන්, දෙවියන් ආදී රූප අපේ දෘෂ්ටි පරාසයට හසු නොවේ. රූපය සහ නාමය යන දෙකින් රූපය යන්න විමසීමේදී අපේ සාමාන්‍ය ඇසට එය අත්, කකුල්, බඩ, පපුව ලෙසින් වෙන් වෙන්ව අප හඳුනා ගැනීමට හැක. රූපය මෙසේ විමසමින් යන විට තවත් සියුම් ලෙස දෙතිස් කුණප ලෙසින් වුව … Continue reading රූප ස්කන්ධය

සංස්කාර ස්කන්ධය

අරමුණක් හමුවූ විට විඥාණ,සංඥා, වේදනා යන නාම ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය ඔබ දැන් දනී. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන්ට අරමුණක් හමුවූ විට පළමුව ඒ පිළිබඳ දැනීම් මාත්‍රයක්, ඉන්පසු එම අරමුණ හඳුනා ගන්නා සංඥාවක්, එම සංඥාවට අනුකූල වූ වේදනාවක් ජනිත වේ. මෙහිදී වේදනාව ඇතිවූ පසු නැවත නැවත සංඥාවන් ජනිත වේ. සංඥාව නිසා වේදනාවත්, … Continue reading සංස්කාර ස්කන්ධය

වේදනා ස්කන්ධය

වේදනා ස්කන්ධය : ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන්ට අරමුණක් හමුවූ විට පළමුව විඥාන ස්කන්ධයත්, එනම් එම හමුවූ අරමුණ පිළිබඳ දැනීම් මාත්‍රයක්ද ඉන්පසු ඒ අරමුණ හඳුනා ගන්නා සංඥාවද ඇතිවේ. මෙම සංඥාව ඇතිවූ පසු ඒ හඳුනා ගන්නා ආකාරය අනුව වේදනාව උපදී. එය වේදනා ස්කන්ධය ලෙස හඳුන්වන්නේ ඉතාමත් අසීමිත වූ ප්‍රමාණයන්ගෙන් වේදනාව ගණන් මිනුම් වලින් … Continue reading වේදනා ස්කන්ධය

විඥාණ ස්කන්ධය

විඥාණ ස්කන්ධය : ඇසට රූපයක් හමුවූ විට පළමුව ඇතිවන්නේ දැනීමය. එය චක්ඛු විඥාණය ලෙසින් හඳුන්වයි. ඇසට රූපයක් හමුවූ විට, ආලෝකය, ක්‍රියාත්මක වන සිතක් යන හේතු ඇතිවිට චක්ඛු විඥානය පහළ වේ. කුමන තත්වයක සිටින කෙනකුට වුවද මෙය පොදුය. තමන්ගේ කැමැත්තට හෝ අකැමැත්ත අනුව විඥානය පහළ වීම වෙනස් කරගත නොහැක. එය හේතූන් නිසා හටගත් ඵලයක් පමණි. එම … Continue reading විඥාණ ස්කන්ධය

පංචස්කන්ධය

පංචස්කන්ධය යනු ස්කන්ධ පහක් යන අර්ථයයි. ස්කන්ධ යනු ඉතා විශාල, රාශිය යන අදහසයි. එසේ කියන්නේ ඇයිද යන්න ඔබට අවබෝධ වනු ඇත. මේ ලෝකයේ සිටින සෑම සත්වයෙක්ටම ඇඟක් හා සිතක් තිබේ. ඇඟ, රූපය ලෙසින්ද සිත, නාමය ලෙසින්ද හඳුන්වන අතර එකට ගෙන " නාමරූප" ලෙසින් හඳුන්වයි. නාමය තව දුරටත් සියුම්ව හඳුනාගත හැක. එනම් ඔබ පිට අය හඳුන්වන්නේ … Continue reading පංචස්කන්ධය

නමුත්; ඒ බැඳීමට තව ඇත්තේ ඉතා සීමීත ආයුෂ ප්‍රමණයක් පමණි !

යම්තම් තේරෙන වයසේ පටන්, මම ඇයට ප්‍රිය කළෙමි. ආශා කළෙමි. මේතාක් කාලයක් මගේ ජීවීතයම වාගේ කැප කළේ ඇය වෙනුවෙනි. ඇත්තෙන්ම එය ප්‍රේමයකි. මා ඇය වෙනුවෙන් කළ කී දෑ පොත් දාහක් පුරා සටහන් කළද නිමාවක් නම් නොවනු ඇත. මා සෑමවිටම සිතුවේ පැතුවේ ඇගේ සැපතය. සුඛ විහරණයය. ඇයට සුළුවෙන් හෝ දුකක් දීමට මා කැමති නැත. ඇය ලස්සනට, … Continue reading නමුත්; ඒ බැඳීමට තව ඇත්තේ ඉතා සීමීත ආයුෂ ප්‍රමණයක් පමණි !