සෝවාන් වීමට නම් ( 5 කොටස )

4.යෝනිසෝ මනසිකාරෝ දැන් අප මේ හතර වෙනුව කියන්නේ, බුදුරජාණන් වහන්සේ තුන්වෙනුව කියූ කාරණාව වන යෝනිසෝ මනසිකාරයයි. නුවණින් මෙනෙහි කිරීමයි. මෙය තමයි නිවන් දකින්නට ඉතාමත් අවශ්‍ය කාරණාව. එකයි අප එය අවසානයට ඉදිරිපත් කරන්නේ. මනසිකාරය කියන්නේ මෙනෙහි කිරීම. මෙනෙහි කරනවා කියන්නේ සිත තුළ සිතිවිලි පහළ වීම. මෙනෙහි කිරීම දෙකක් තිබෙනවා. යෝනිසෝ මනසිකාරය - නුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ … Continue reading සෝවාන් වීමට නම් ( 5 කොටස )

සෝවාන් වීමට නම් ( 4 කොටස )

දැන් අප සෝවාන් වීමට අවශ්‍ය කරුණු දෙකක් දේශනා කර තිබෙනවා. 1. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය 2. සද්ධර්ම ශ්‍රවණය ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා "යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති " කියලා. " යෝනිසෝ මනසිකාරෝ" කියන්නේ, නුවණින් මෙනෙහි කිරීම. "ධම්මනු ධම්ම පටිපත්ති " කියන්නේ නිවන් මාර්ගයේ ගමන් කිරීම. යෝනිසෝ මනසිකාර කියන කාරණය පසුව විස්තර කරන්නම්. " ධම්මානු … Continue reading සෝවාන් වීමට නම් ( 4 කොටස )

සෝවාන් වීමට නම් ( 3 කොටස )

ධර්මය පිළිබඳව යම්කිසි කරුණු ටිකක් අවබෝධ කරගන්නකොට, ඒ අවබෝධය තමාට නිවන් ලැබීමට ඈතින් සිට උපකාර වෙනවා. උදාහරණයක් වශයෙන් අපි සිතමු තමාගේ ඇඟ සහ සිත ගත්තාම " මේවා පංචස්කන්ධ ධර්ම, අනිත්‍ය, දුක්ඛ , අනාත්මයට බඳුන් වන ධර්ම, මේවා හේතු ඵල ධර්ම, මේවා ගැහැණියක්, පිරිමියෙක් කියා ගන්නට බැහැ, කිසිම සත්වයෙක් නැහැ." කියා යම්කිසි දේශනාවක් කරුණු සහිතව ඉතා … Continue reading සෝවාන් වීමට නම් ( 3 කොටස )

සෝවාන් වීමට නම් ( 2 කොටස )

2. සද්ධම්ම සවණං - සද්ධර්මය ශ්‍රවණය කිරීම මේ අය කල්පනා කරන්නට පුළුවන්, අද සද්ධර්මය අසන්නට ඕනෑ තරම් තැන් තිබෙනවා,අවස්ථා තිබෙනවා කියා. ගුවන් විදුලියෙන් බණ කියනවා, රූපවාහිනියෙන් බණ කියනවා. ලංකාවේ තරම් බණ අසන්නට ලැබෙන රටක් ලෝකයේ තවත් තිබෙනවාද කියා සිතන්නට බැරි තරම්. මේ විවිධාකාර ධර්ම දේශනා ඇසීම නොවෙයි මෙහිදී අදහස් කරන්නේ. අද අපට අසන්නට ලැබෙන සමහර … Continue reading සෝවාන් වීමට නම් ( 2 කොටස )

සෝවාන් වීමට නම් ( 1 කොටස )

සෑම බෞද්ධයකුම වාගේ බලාපොරොත්තු වන්නේ සංසාර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමටයි.නිවන් අවබෝධ කර ගැනීම සඳහා බොහෝ දෙනා විවිධ අන්දමේ කුසල කර්ම සිදු කරනවා.දන් දීම , සිල් රැකීම, බුද්ධ පූජා පැවැත්වීම වැනි දේවල්. මේ කිසි දෙයක් කළාට විදර්ශනා භාවනාවක් නොකොට, නිවන් අවබෝධ කර ගන්නට බැහැ. නිවන් අවබෝධ කර ගන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන මාර්ග … Continue reading සෝවාන් වීමට නම් ( 1 කොටස )

නිවන් දැකීමට නම් (2 කොටස)

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. ආර්ය අෂ්ටාංගි මාර්ගය - සම්මා දිට්ඨි – යහපත් දැකීම සම්මා සංකප්ප – යහපත් සිතිවිලි සම්මා වාචා - යහපත් වචන සම්මා කම්මන්ත - යහපත් කායික ක්‍රියා (කයින් කරන වැරැදි නොකිරීම) සම්මා ආජීව - යහපත් දිවිපැවැත්ම සම්මා වායාම – යහපත් උත්සාහය සම්මා සති – යහපත් සිහිය සම්මා සමාධි – … Continue reading නිවන් දැකීමට නම් (2 කොටස)

නිවන් දැකීමට නම් (1 කොටස)

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සෑම බෞද්ධයකු ම වාගේ ඕනෑම කුශලයක් කළාට පසුව ප්‍රාර්ථනා කරන්නේ සසර දුකින් මිදී නිවන් දැකීමට වුවත්, කරනු ලබන සෑම කුශලයක් නිසා ම නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට ලැබෙන්නේ නැති බව සමහර අය නො දන්නා කරුණක් වන්නට පුළුවන්. බෝධි පූජා, බුද්ධ පූජා, දන්දීම්, වැනි සසර දිග්ගැස්සීමට හේතු වන වට්ටගාමී … Continue reading නිවන් දැකීමට නම් (1 කොටස)