නිවන් දැකීමට නම් (5 කොටස)

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සත්ත බොජ්ඣංග භාවනාව : 1. සති සම්බොජ්ඣංගය - සති සම්බොජ්ඣංගය කියන්නේ ආර්ය අෂ්ඨංගික මාර්ගයේ දැක්වූ සම්මා සතියම යි. 2. ධම්මවිචය සම්බොජ්ඣංගය - නිවන් දැකීමට අවශ්‍ය ධර්ම කරුණු නුවණින් විමස-විමසා මැනවින් දැකීම. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට මෙය සම්මා දිට්ඨිය යි. 3. විරිය සම්බොජ්ඣංගය - ආර්ය අෂ්ඨාංගික … Continue reading නිවන් දැකීමට නම් (5 කොටස)

“ඒහි ඵස්සික” ගුණය – 3 කොටස

ඊට අමතරව බුදු රජාණන් වහන්සේ දක්වලා තියෙනවා ඡන්ද සමාධිය, චිත්ත සමාධිය, වීරිය සමාධිය, වීමංසා සමාධි වැනි සමාධි වර්ග. මේවා ඇවිල්ලා බලන්නටය කියලා අපිට කෙනෙකුට කතා කරලා පෙන්නුම් කර අහන්නට පුළුවන්; කියන්නට පුළුවන්. ඒ වගේම තියනවා බුදු රජාණන් වහන්සේ දේශනා කොට වඳාළ වෙනත් ආගම් වල නොදක්නා අනිමිත්ත සමාධී. අප්පණීත සමාධී, ශුන්නත සමාධී. මේවා දියුණු කරගත්ත කෙනෙකුට … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 3 කොටස

නිවන් දැකීමට නම් (4 කොටස)

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සතර සතිපට්ඨානය නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනෙකුට නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් දැන් අපි ඉතා කෙටියෙන් හඳුනා ගන්නට බලමු. … Continue reading නිවන් දැකීමට නම් (4 කොටස)

නිවන් දැකීමට නම් (3 කොටස)

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි.. සම්මා වායාම : සම්මා වායාමයට කුශල් පැත්තෙන් කොටස් දෙකකුත්, අකුශල් පැත්තෙන් කරුණු දෙකකුත් දේශනා කර තිබෙනවා. මේ දක්වා කරලා නැති අකුශල් ඉදිරියේදීත් නො කර සිටීමට උත්සාහ ගැනීමත්, මේ දක්වා යම් යම් අකුශල කර්ම තමා අතින් සිදුවුණා නම්, ඒ අකුශල් මීට පසුව නො කර සිටීමටත් උත්සාහ ගැනීම අකුශල … Continue reading නිවන් දැකීමට නම් (3 කොටස)

“ඒහි ඵස්සික” ගුණය – 2 කොටස

මේ දුක්ඛ සත්‍යය නැවත නැවත ඇතිවෙන හේතුන් බුදු රජාණන් වහන්සේ වඳාළා දුක්ඛ සමුදය සත්‍යය වශයෙන්. මේ දුක්ඛ සමුදය සත්‍යය වදාරණ විට බොහෝ විට බුදු රජාණන් වහන්සේ පෙන්නුම් කොට වඳාරළා තිබෙන්නේ තණ්හාව දුක්ඛ සමුදය සත්‍යය වශයෙන්. තණහාව නිසා දුක ඇතිවෙනවද නැතිවෙනවද කියලා මෙහි ඇවිල්ලා බලන්නටය කියලා පෙන්නුම් කරන්නට පුළුවන්. ඇසට රූප පෙනිලා, කණට ශබ්ද ඇසිලා, නාසයට … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 2 කොටස

“ඒහි ඵස්සික” ගුණය – 1 කොටස

කවුරුත් සාවධානව හොඳින් අහන්න. අද වැඩිපුර ධර්මය ගැන අවබෝධයක් නැති පිරිසක් සිටින බව පෙනෙන නිසා අප කල්පනා කළා මේ අයට ධර්මයේ තියන “ඒහි ඵස්සික” ගුණය අළලා සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට. “ඒහි ඵස්සික” කියන එකේ අදහස මෙම ධර්මය මෙහි ඇවිල්ලා බලන්න යැයි කීමට සුදුසුකම් තියනවා. මේ ලෝකයේ වෙනත් ආගම් තියනවා, ඒ වෙනත් ආගම් වල තියන කිසිම … Continue reading “ඒහි ඵස්සික” ගුණය – 1 කොටස

නාමරූප (5 කොටස )

මේ විදියට නාම රූප වෙන්කර කරා, වෙන්කර කරා බලන්නට ඕන. පංචස්කන්ධයම වුණත් නාමරූප වශයෙන් බලන්නට පුළුවන්. රූපස්කන්ධය මේකයි, ඒක දකින සිත නාමය මේකයි, වේදනාව මේකයි, ඒක දකින සිත නාමය මේකයි, වේදනාව දකින සිත, නාමය,දෙකම නාමයම ඒක ඇතුළේ තියන කොටස් වෙන්කරලා දකින එකක් මෙයින් මම කියන්නේ. වේදනාව දකිනවා, වේදනාව දැනෙන දැනීම දකිනවා, ඒ වේදනාව කියලා හඳුනාගත් … Continue reading නාමරූප (5 කොටස )

නාමරූප (4 කොටස )

ඒ වගේම මේ නාමස්කන්ධය අනාත්මයි කියන එක අවබෝධ කරගත යුතුයි. මේ නාමස්කන්ධය නිසා තමයි , මමය කියලා හිතන්නේ, මගේය කියල හිතන්නේ. මම, මගේ කියලා හිතන එකත් නාම ධර්මයක්. වෙන දෙයක් නෙවෙයි. මේකේ ආත්මයක් තියනවා, මෙත ස්ත්‍රියක් ඉන්නවා, පුරුෂයෙක් සිටිනවා ආදී වශයෙන් යම්කිසි කෙනකුගේ සංකල්පනාවක්, සංඥාවක් ආදී දේවල් තියනවා, ඒ ඔක්කොම නාමස්කන්ධයට අයත් ධර්ම. ඒවා ඒ … Continue reading නාමරූප (4 කොටස )

නාමරූප (3 කොටස )

සංඛත, අසංඛත ඕනෑම දේකට ධාතු කියන වචනය පාවිච්චි කරන්නට පුළුවන්. ධාතු කියන්නේ සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොවන ස්වරූපය කියන එක. එතකොට මුළු ශරීරයේම තියන මූල ධාතු හතර පඨවි ධාතු දෙස බලලා, මේක ආත්මයක් නොවේ, මම මගේ නොවේ, හුදු හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයක් කියලා හිතලා ඒ පඨවි ධාතුව සිතින් වෙන් කරනවා නම්, ඒ වගේම එලෙසින්ම සිතලා … Continue reading නාමරූප (3 කොටස )

නාමරූප (2 කොටස )

මේ රූපයන් නිසාත් යම්කිසි ආශ්වාදයක් ලැබෙනවා සිතට. ආශ්වාදය කුමක්ද කියලත් තේරුම්ගත යුතුයි. ඒවගේම රූපයේ තියනවා ආදීනව රාශියක්. කියන්නට බැරිතරම් අතිවිශාල ප්‍රමාණයක් තියනවා රූපයේ පැවැත්ම නිසා. රූපස්කන්ධයේ පවත්වාගෙන යෑම සඳහා යම්තාක් දේවල් කරන්නට සිදුවෙනවා නම් ඒ සෑම එකක්ම් ආදීනවයක්. මේ රූපය ජරාවට පත්වන එක, ව්‍යාධියට පත්වන එක, දිරන එක, කවල පොවල, නහවල පවිත්‍ර කරල, පෝෂණය කරවන … Continue reading නාමරූප (2 කොටස )