සෝවාන් වීමට නම් ( 6 කොටස )

අනත්තනි අනත්තාති : ආත්ම නොවන, මම නොවන, මගේ නොවන, සත්වයෝ පුද්ගලයෝ නොවන , මේ සංස්කාර ධර්ම ඒකාන්ත වශයෙන්ම අනාත්ම ලෙස තමාට අවබෝධ විය යුතුයි. සාමාන්‍ය ජනතාව තමාගේ ඇඟ අරගෙන ,සිත අරගෙන, "මේ මිනිහෙක්, මේ ගැහැණියක්, මේ සත්වයෙක්, මේ පුද්ගලයෙක්, මේක ආත්මයක්, මේ මම" කියා හිතාගෙන තමයි, කටයුතු කරන්නේ. ඉතින් සමහරුන්ට කිව්වොත් "මේක ආත්මයක් නොවෙයි, මම … Continue reading සෝවාන් වීමට නම් ( 6 කොටස )

සෝවාන් වීමට නම් ( 5 කොටස )

4.යෝනිසෝ මනසිකාරෝ දැන් අප මේ හතර වෙනුව කියන්නේ, බුදුරජාණන් වහන්සේ තුන්වෙනුව කියූ කාරණාව වන යෝනිසෝ මනසිකාරයයි. නුවණින් මෙනෙහි කිරීමයි. මෙය තමයි නිවන් දකින්නට ඉතාමත් අවශ්‍ය කාරණාව. එකයි අප එය අවසානයට ඉදිරිපත් කරන්නේ. මනසිකාරය කියන්නේ මෙනෙහි කිරීම. මෙනෙහි කරනවා කියන්නේ සිත තුළ සිතිවිලි පහළ වීම. මෙනෙහි කිරීම දෙකක් තිබෙනවා. යෝනිසෝ මනසිකාරය - නුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ … Continue reading සෝවාන් වීමට නම් ( 5 කොටස )

සෝවාන් වීමට නම් ( 4 කොටස )

දැන් අප සෝවාන් වීමට අවශ්‍ය කරුණු දෙකක් දේශනා කර තිබෙනවා. 1. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය 2. සද්ධර්ම ශ්‍රවණය ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා "යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති " කියලා. " යෝනිසෝ මනසිකාරෝ" කියන්නේ, නුවණින් මෙනෙහි කිරීම. "ධම්මනු ධම්ම පටිපත්ති " කියන්නේ නිවන් මාර්ගයේ ගමන් කිරීම. යෝනිසෝ මනසිකාර කියන කාරණය පසුව විස්තර කරන්නම්. " ධම්මානු … Continue reading සෝවාන් වීමට නම් ( 4 කොටස )

සෝවාන් වීමට නම් ( 3 කොටස )

ධර්මය පිළිබඳව යම්කිසි කරුණු ටිකක් අවබෝධ කරගන්නකොට, ඒ අවබෝධය තමාට නිවන් ලැබීමට ඈතින් සිට උපකාර වෙනවා. උදාහරණයක් වශයෙන් අපි සිතමු තමාගේ ඇඟ සහ සිත ගත්තාම " මේවා පංචස්කන්ධ ධර්ම, අනිත්‍ය, දුක්ඛ , අනාත්මයට බඳුන් වන ධර්ම, මේවා හේතු ඵල ධර්ම, මේවා ගැහැණියක්, පිරිමියෙක් කියා ගන්නට බැහැ, කිසිම සත්වයෙක් නැහැ." කියා යම්කිසි දේශනාවක් කරුණු සහිතව ඉතා … Continue reading සෝවාන් වීමට නම් ( 3 කොටස )

සෝවාන් වීමට නම් ( 2 කොටස )

2. සද්ධම්ම සවණං - සද්ධර්මය ශ්‍රවණය කිරීම මේ අය කල්පනා කරන්නට පුළුවන්, අද සද්ධර්මය අසන්නට ඕනෑ තරම් තැන් තිබෙනවා,අවස්ථා තිබෙනවා කියා. ගුවන් විදුලියෙන් බණ කියනවා, රූපවාහිනියෙන් බණ කියනවා. ලංකාවේ තරම් බණ අසන්නට ලැබෙන රටක් ලෝකයේ තවත් තිබෙනවාද කියා සිතන්නට බැරි තරම්. මේ විවිධාකාර ධර්ම දේශනා ඇසීම නොවෙයි මෙහිදී අදහස් කරන්නේ. අද අපට අසන්නට ලැබෙන සමහර … Continue reading සෝවාන් වීමට නම් ( 2 කොටස )

සෝවාන් වීමට නම් ( 1 කොටස )

සෑම බෞද්ධයකුම වාගේ බලාපොරොත්තු වන්නේ සංසාර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමටයි.නිවන් අවබෝධ කර ගැනීම සඳහා බොහෝ දෙනා විවිධ අන්දමේ කුසල කර්ම සිදු කරනවා.දන් දීම , සිල් රැකීම, බුද්ධ පූජා පැවැත්වීම වැනි දේවල්. මේ කිසි දෙයක් කළාට විදර්ශනා භාවනාවක් නොකොට, නිවන් අවබෝධ කර ගන්නට බැහැ. නිවන් අවබෝධ කර ගන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන මාර්ග … Continue reading සෝවාන් වීමට නම් ( 1 කොටස )