නිවන් මගට යෙදූ මුල්ම පියවර !

නොමළ ගෙයකින් අබ මිටක් සොයමින්, මළ කිරිකැටියාත් තුරුළු කොටගෙන එදා ගෙයක් ගෙයක් ගානේ, කිසා ගෝතමිය දිව ගියේ උමතුවෙනි. සිය ප්‍රාණය මෙන් පෙම් කළ දරු දෙදෙනාත්, ස්වාමි පුරුෂයාත්, දෙමාපියන්ද අහිමිව ගිය පටාචාරාව බුදුරජාණන්වහන්සේ අභිමුවට පැමිණියේ ඇඳි වතත් අහිමිවය. 999 ක් මිනිසුන් මරා, තම මව මරා ආනන්තරීය පාප කර්මය කිරීමට ක්ෂණයකට පෙර අංගුලිමාලට එදා මහා වනයේදි බුදු … Continue reading නිවන් මගට යෙදූ මුල්ම පියවර !

අප්‍රමාදී වෙමු

ජීවිතය මොන තරම් කාර්යබහුලද…පැය විසිහතර මදි යැයි හැඟෙනවාද..! උදෑසන අවදි වූ මොහොතේ පටන් ජීවීතය පවත්වාගෙන යෑම පිණිස අප විසින් සිදු කරන දේවල් කොපමණද.. එදිනෙදා ගෙදර දොරේ වැඩ, කාර්යාල වල වැඩ, දරුවන්ගේ වැඩ, දෙමාපියන්ගේ වැඩ, සමාජීය වැඩ, යහළුවන් නෑදෑයන්ගේ වැඩ, වතු පිටි, ගේ දොර වල වැඩ… ඉලක්ක පසු පස හඹා යන ජීවිත වලට තමන් වෙනුවෙන් වෙන් … Continue reading අප්‍රමාදී වෙමු

බුදුගුණ භාවනාව

සසර කෙටි කර ගැනීමට යන මේ ගමන තුල එල්ල වන බාධා අපමණය. අප්‍රමාණය. යම් සතර බ්‍රහ්ම විහරණ සිත් දරා නැති අයෙක් නිවැරදිව මාර්ගය වටහාගෙන තමා සසර කෙටි කරගැනීමට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සිතුවිලි සිතෙහි ඇතිකර ගත් දා පටන් මාරයා ගේ උදහසටත් නොයෙකුත් තාඩන පීඩනයන්ට ලක්වීමට සිදුවේ. එදා බෝධි මුලයේදී අප බෝසතුන් වහන්සේ කොපමණ නම් මාර සේනාවන්ගේ … Continue reading බුදුගුණ භාවනාව

සංඥාව

සංඥාව යනු හඳුනා ගැනීමයි. මේ ජීවිතය පුරා මේ වන තෙක් අප විසින් හඳුනා ගන්නා ලද දේවල් ප්‍රමාණය මෙතැකැයි කියා ගණනය කළ නොහැක. සංසාරය පුරාම කොතෙක් නම් හඳුනා ගැනීම් සිදුකරන්නට ඇත්ද? සංඥා ස්කන්ධය ලෙස එය හඳුන්වන්නේ එබැවිනි. වර්ණ වශයෙන්, හොද නරක වශයෙන්, ලස්සන, කැත, උස,කොට නම්, ආදී නොයෙක් ලෙසින් අප හඳුනා ගැනීම් කරන්නෙමු. ඇසට දකින රූප … Continue reading සංඥාව

ඔබ දන්නේ කොපමණද ?

"The more you know, the more you realize you don't know."Aristotle අප ඉගෙන ගන්නා කාලයේදී වසරින් වසර උසස් පංති වලට සමත් වීමේදී අපේ බුද්ධිය වැඩිවුණි. දැනුම වැඩිවුණි. නමුත් ඒ ඒ වසරවලදී අපට සිතෙන්නේ අප ගොඩක් දේ දන්නවා කියාය. පහ වසරදී ශිෂ්‍යත්වය යනු ලොකු විභාගයකි. ඉන් පසු සාමාන්‍ය පෙළදී එය බැරෑරුම්ය. ඉන් පසු උසස් පෙළදී අනෙක් … Continue reading ඔබ දන්නේ කොපමණද ?

සම්මා සම්බුද්ධො

සම්මා සම්බුද්ධ බුදු ගුණය "ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරෝපදේශ රහිතවම, ස්වයංභූ ඥානයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක!". අප සැවොම දන්නා සම්මා සම්බුද්ධ බුදු ගුණය කැටි කර දක්වන පාඨය එයයි. එය ඉතා සරලව එසේ දැක්වුවත් විස්තර වශයෙන් විමසා බලන කළ එය ඉතා ගම්භීරය. චතුරාර්ය සත්‍ය … Continue reading සම්මා සම්බුද්ධො

සචිත්ත පරියො දපනං

බොහෝ දෙනෙක්ට නිවන , මාර්ග ඵල, ධ්‍යාන, ආදී දේ ගැන ඇත්තේ අවුල් සහගත අවබෝධයකි. හදවතින්ම නිවන් දකින්නට ඕනෑ කෙනෙක් වූවද නොයෙක් වියවුල් වලින් සිත පුරවාගනී. එහෙයින් ඉතාමත් සරලව යමක් ඒ පිළිබඳව පළ කරමු. ඇස් ඇර අවට බැලූ විට අපට පෙනෙන දේවල් කොතෙක්ද? පණ ඇති, පණ නැති දේවල් බොහෝමයක් අපේ ඇස් සීමාවේ අපට දැකිය හැකිය. එලෙසින්ම … Continue reading සචිත්ත පරියො දපනං

පන්සිල් සුරකිමු

ප්‍රාණඝාතයෙන් වෙන්වීම, නුදුන් දේ නොගැනීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, සුරාවෙන් වැළකීම.. මෙම සික්ෂා පද තුළ මිනිසෙකුගේ දෙලොව දියුණුවට අවශ්‍ය සියල්ල ගැබ්වී ඇත. එක් සික්ෂාපදයක්වත් නොකඩවා සිටින්නට දිනක් උත්සාහ කර බලන්න.එවිට එහි ඇති ගැඹුර අවබෝධ වනු ඇත. චේතනාවකින් යුතුව, මැරෙන බව දැන ගෙන මදුරුවෙක් මැරීම තුළින් සිල් පදය කඩවේ. අතේ වසා සිටින මදුරුවකුට අතින් ගසා … Continue reading පන්සිල් සුරකිමු

අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ

"ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛො...." ලෝකයම හිස් වී ගියාක් මෙන් දැනේ.... හිරු දහසක් පෑයුවද හදවත පුරා ඇති මේ අන්ධකාරය නිවා දැමිය නොහැක්කාක් මෙනි.. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒකාන්ත දුකකි..!!!! අධිගම අල්පේච්චතාවයෙන් යුක්තව, මිනිස් ඇසුර හැකි තරම් අවම කොට, ඉතාමත් නිහඩ, සරල ජීවිතයක් ගත කළ , උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්, තමන් වහන්සේගේ මරණයද ලෝක සත්වයාට කමටහනක් ලෙස ඉතිරි කරමින්, … Continue reading අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ

විදර්ශනාව වඩමු

අපේ සිත සෑම විටම බාහිර ලොව සමඟ බැඳී වෙළී ගැට ගැසී පවතී. ඇසින් දකින, දුටු දෙයක් ගැන හෝ, ඇසූ, අසෙන දෙයක් ගැන හෝ, විඳින, විඳි දෙයක් ගැන හෝ ආදී ලෙසින් සෑම විටම පාහේ මේ කය සහ සිත ඇසුරු කරගෙන පිට ලෝකයෙන් ලැබූ අරමුණක් කෙරෙහි ඇලෙමින් හෝ ගැටෙමින් පවතී. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන … Continue reading විදර්ශනාව වඩමු