
බොහෝ දෙනා නිදහස අගයති.. නිදහස වෙනුවෙන් සටන් කරති. නිදහසේ ලියන්නට…කියන්නට…ගමන් බිමන් යන්නට…විනෝද වන්නට..කාටවත් යටත් නොවී සිටින්නට… සටන් කරති…
නමුත් ඒ සෑම දෙනාම කෙලෙස් වලින් සිරගත වී කිසිම නිදහසක් නැතිව මොහොතක් පාසා බැටකමින් සිටිති.. ආධ්‍යත්මිකව දුක් විඳිමින් සහනය බාහිරින්ම සොයති.. තවත් කෙනෙකුගෙන් එය බලාපොරොත්තු වෙති..
සත්‍ය නම් අපේ නිදහස නැති කරන්නට සමත් කිසිවකු මෙලොව නැත.. එය ඇති කරගත් හැක්කේත් නැති කරගත හැක්කේත් තමන්ටම පමණි..
කිසිම කෙනෙක් ගැන තරහක්… ඊර්ශ්‍යාවක්… දුකක්… කළකිරීමක්.. ආශාවක්… කිසිම දේකින් බිය නොවන සිතක්.. නොසෙල්වෙන සිතක්.. ඕනම කෙනෙක්ට අභීතව මුහුණ දිය හැකි පෞරුෂත්වයක්.. ඇනුමකට බැනුමකට නොරිදවෙන සිතක්.. තරහ මාත්‍රයක් ඇති නොවන සිතක්.. රාගයෙන් නොදැවෙන සිතක්.. මෛත්‍රියෙන් ප්‍රීතියෙන් උතුරා යන සිතක්.. අනන්ත සත්වයන්ට පැතිරවිය හැකි මෛත්‍රී සිතක්.. ලෝකයම සෙලවුණත් සතුට එක් බිඳක්වත් නොසෙල්වෙන සිතක්… කය ලෙඩ වුණත් නොසැලෙන නොරිදෙන බිය නොවන සිතක්.. සැහැල්ලු මනසක්… සෑම දෙයක්ම සුන්දරව පෙනෙන සිතක්.. ජයත් පරාජයත් අත්හැරපු සිතක්.. කය සැහැල්ලු වී බාරයන් නොදැනෙන සිතක්.. ලෝකයෙන් කිසිවක් අපේක්ෂා නොකරන සිතක්..
කෙතරම් නිදහස්ද යැයි සිතා ගන්නට හැකිද…
ලෝකය කෙසේ ගැලුවත් ඔබේ නිදහස කෙසේ නැතිවන්නද…
නිදහස සොයා ගත යුත්තේ තමා තුළින්මය…
ලොවට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වන්නේ මේ නිදහස ලබන අයුරු කියා දෙන්නටය…
එය වටහා ගන්නට සමත් මනසක්, ප්‍රඥාවක් හිමි වන්නේ දුර්ලභ කෙනෙක්ටය..
සෙස්සෝ තව තවත් සිරගත වන්නටම කැමතිය..
රාගයෙන් සිරගතවී.. රාගය වෙනුවෙන්ම සටන් කරති…
ද්වේශයෙන් සිරගත වී ද්වේශය වෙනුවෙන්ම සටන් කරති…
මෝහයටම යටවී..මොහයෙන්ම කෑ ගසති..
කෙලෙස් වලට යටවී කෙලෙස් වලම එරෙන්නට කෑ ගසති…
නිදහසේ අල්ප මාත්‍රයක් වත් භුක්ති නොවිඳම මිය යති…
බුදුවරු පහළව… ප්‍රඥාවන්තයන් එතෙර කරති…!!!