කළණ මිතුරා

කුඩා කල සිටම මා ධර්මයට, සීලයට, බුදු රජාණන් වහන්සේට හදවතින්ම ගෞරව කරමින් දිවි ගෙවූවෙමි. අවසන මාගේ ගුරු දේවෝත්තම දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ මුණ ගැසීමෙන් තිර වශයෙන්ම, නොවරදින නිවන් මාර්ගයට අවතීර්ණ වුණෙමි.

උන් වහන්සේ මට දුන් දහම් අවවාද ඒ ආකාරයෙන්ම පිළිපඳිමින් ඉතාමත්ම ආසාවෙන්, වීර්යයෙන් මා ආර්‍ය අෂ්ඨාංගික මග වැඩූවෙමි. ධර්මය පිළිපැඳීම, භාවනා කිරීම මගේ එකම සතුට විය. ධර්ම දේශනා ශ්‍රවණය කළේ පිපාසිත කෙනෙක්ට බීමට ලැබෙන දිය පොදක් මෙනි. එතරම්ම ආසාවකින් මා දහම් මඟ වැඩූවෙමි. සසර වඩන ලද පුණ්‍ය ශක්තියේ මහිමයෙන් ඒ ධර්මයද දිනෙන් දින අත්දකිමින් සිත වැඩෙන අයුරු, කෙලෙස් දම් එකිනෙක ගැළවී යන අයුරු අත්දැක්කෙමි.

බාහිර ලෝකයෙන් බාධා තිබූ මුත් ඒවා සිතට කිසිදා බාධාවක් නොකර ගත්තෙමි. උපේක්ෂාවෙන්, මෛත්‍රියෙන්, ඒවා ජයගත්තෙමි. තුන් කල් දක්නා ප්‍රඥාවෙන් යුත් මාගේ ගුරු ස්වාමින් වහන්සේ මට නිතරම සතර බ්‍රහ්ම විහරණ වඩවා ගැනීමට උපදෙස් දුන් සේක. මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් ධ්‍යාන වශීකෘත කර ගැනීමට මට නිසි කමටහන් නිසි අවස්ථාවේ ලබා දුන් සේක. මට එන්නට නියමිතව තිබූ බාධා උන් වහන්සේ සක්සුදක් සේ දැන සිටි සේක.

මගේ ජීවිතයේ අසීරුම වකවානුව උදා වුයේ නොසිතු මොහොතකය. ඒ පෙර කල කර්ම ශක්තියක විපාක දීමක් වශයෙන් පැමිණි අප්‍රමාණ වූ අමනුෂ්‍ය බලපෑම්ය. අප විසින් සිතින්, වචනයෙන්, කයෙන් කරන ලද කර්ම මේ සසර පුරා අප පසුපස ලුහුබඳී. ගැලවීමක් නොමැත. නිසි වේලාව පැමිණි කල ඒ කර්ම විපාකයෙන් ගැලවී සිටීමට කිසිවකුත් සමත් නොවේ. උපේක්ෂාවෙන් මුහුණ දීම හැර, ඉවසා සිටීම හැර… ධර්මයෙන් සිත පවත්වා ගැනීම හැර… අන් සරණක් නොවේමය…
මට සිතා ගත නොහැකි ලෙසින්, මට පාලනය කළ ගත නොහැකි ලෙසින් මා හට අප්‍රමාණ කරදර එල්ල විය. හිදගෙන භාවනා කරනු තබා, ධර්ම දේශනාවකට සවන් දීම, ධර්ම ලිපියක් කියවීම, පන්සලකට ගොඩ වීම පවා අති දරුණුම ආකාරයෙන් වළකාලීය. ශරීරය දරකඩක් සේ අඩපණ කරමින් මා විඳි දුක් ගැහැට අපමණය…
තෙරුවන්ගේ අනන්ත අප්‍රමාණ බලයේ මහිමයෙන්, ශක්තියෙන්… මා ලද ධර්මයට හානි කිරීමට සමතෙක් මේ විශ්වයේ නොමැති බව පසක් කරමින් … මාගේ ධර්මය පිරි සිත කිසිවකුට යටත් කළ නොහැකි විය.. කය මගේ නොවන සේ අත හැරියෙමි.. නොමැරී ජීවත් වූවෙමි. එනමුදු සිත අල්ලාගන්නට නොහැකි විය.. ඒ සැණින් සතිය පිහිටුවා නැඟී සිටියෙමි.

එනමුදු මා ඉතා වේගයෙන් නැඟ ගෙන ආ ධර්ම මාර්ගය මුළුමනින්ම අඩපණ කර දැමූවේ පෙර කර්ම ශක්තියට මා යටත් කරවමිනි.. මට සිතා ගැනීමට නොහැකි ලෙසින් ඒ බාධා මා යට කර දැමූවේ මට උපේක්ෂා වීම හැර අන් කිසිවක් ඉතිරි නොකරමිනි.

අපමණ ශාරීරික අපහසුතා මැද ජීවිතේ ගත කළෙමි. විටක මා විසි කරන්නටද, මලානික කිරීමට පමණක් නොව, ඇවිදීම පවා අඩපණ කල අවස්ථා අසීමිතයි. මුව විවර කර ගැනීමට නොහැකි ලෙසින් මාගේ මුව වසා දැමූවේය. “අනාත්මයි” යන සිතිවිල්ල කෙසේ හෝ සිතට වද්දා ගත් ක්ෂණය තුළඳී පමණක් මේ සියළු සංස්කාරයන්ගේ අල්ලා ගැනීමක්, ආත්මීය බවක් නොමැති බව හදවතින් දකිමින් ඒ මහා දරුණු බලපැමෙන් එළියට ඒමට සමත් වේ. දිනකට කීප වතාවක්ද ඇතැම් විට යළි යළි මෙලෙසින්ම මා ඒ අමනුෂ්‍ය බලයට යටත් වුයේ ” කම්ම විපාකො, නපඥායති” යන්න පසක් කරවිමින්..

මාගෙ ගුරු දෙවිදුන් සියල්ල දැන සියල්ල කෙරෙහි උපේක්ෂා වීමටම උපදෙස් දුණි.. ඔබ වහන්සේ වැනි උතුම් ගුරු ඇසුරක් නොවන්නට මා තවමත් මේ කාම ලෝකයේ අසරණ සත්වයෙකි.

මේ සෑම අභියෝගයක් එන විට, මට ගෘහ ජීවිතය තුළ තිබූ එකම ශක්තිය, සෙවණැල්ල මාගේ සැමියාය. ඔහු මට දෙවියෙකි. ඔහු කිසි දිනක මගේ සිත රිදවූයේ නැත. සියලු අපහසුතා ඔහුගේද කරගනිමින් සිනාහමුසුව මටද පිහිට වෙමින් ඔහු සියල්ල දරා ගත්තේය. ඔහුද ධර්ම මාර්ගය වඩන උතුම් මනුෂ්‍යයෙකි. නමුත් ඔහු ඔහුගේ නිවන් මඟ ප්‍රමාද වීම ගැන නොතකමින් මට පිහිට වූයේ මෙලොව තවත් දෙවියන් මිනිස් වෙසින් සිටින බව මට පසක් කරවමිනි..

වගකීම් සහිත රැකියාවක් කළ ඔහු බොහෝ දිනයන්හීද වෙහෙස වී වැඩ ඇරී එන විට මා අප්‍රාණික වී සිටින්නේ කිසිවක් කර කියා ගත නොහැකිවය. එවිට ඔහු මා දරුවකු මෙන් රැක බලා ගත් අවස්ථා එපමණයි. සෑම විටම මා සතුටින් තියන්නට ඔහු වෙහෙසුණේය. මා විඳි දුක් ගැන අසීමිත අනුකම්පාවක් ඔහු සිත තුළ තිබුණි.

කිසි විටකත් මට කැම උයන්නට දුන්නේ නැත. සෑම විටම කෑම කන්න කැමති කොහෙටද ඔහු මා එහි රැගෙන ගියේය.
අසීරු දිනයන්හි කෑම රැගෙන ආවේය. කවර දිනයකවත් මැසිවිලි නොකළේය. මට කැමති දේ මා සිතන්නට පෙර මට ලබා දුන්නේ ය. කිසිදු වැඩක් මා හට කරන්න ඉඩ තිබ්බේ නැත. මට කෑම බීමද තේ ක පවා ලඟට ගෙනත් දෙමින් මා රැක බලා ගැත්තේය. මා විඳි අසීමිත උවදුරෙන් මා මුදවා මට සහනයක් ලබා දෙන්නේ කෙසේද යන්න ඔහු නිරන්තර වෙහෙසුණේය. ඒ සියල්ල කළේ අසීමිත සෙනෙහසකින් උතුම් කළණ මිතුරෙකු ලෙසිනි.

පිට තැනකට ගියද, මා දෙස අවධානයෙන් සිටින අයුරු මා දැක ඇත. මා කොයි මොහොතේ උවදුරට යටත්ව අඩපණ වේදැයි මටත් වඩා මා ගැන සෝදිසියෙන් ඔහු සිටියේය.

අපහසු වුණා අවස්ථාවන්හි ඔහු එක සැණින් මට පිහිට වුයේ මිහිපිට දෙවියෙකු සේය.
ඔහු කිසි විටෙකත් මා තනි කර දමා එක රැයක් ගත කර නැත. පිට රටකට ගොස් නැත. ඔහුගේ රැකියාවට අනුව පිටරට යැමට නිතර අවස්ථා ලැබුණද ඒ සියල්ල මා වෙනුවෙන් කැප කළේය.
උයා පිහා ගන්නට ශක්තියක් නොමැති මට, කන්නට විදියක් නොමැති බව දන්නා ඔහු කොතැනක රාත්‍රීයේ ගියද, නොකා පැමිණ මාත් සමග කෑම ගත්තේ පියෙක් මෙන්ය.

බලපෑම් නිසා මට ශරීරය මට අහිමි වෙන විට ඔහු මට මගේ ශරීරය විය…
මගේ දෑස් නොපෙනෙන විට ඔහු මට දෑස් විය…
මට ඇවිදින්නට බැරි විට, ඔහු මගේ පා දෙක විය…
මගේ වචනය අහිමි වූ විට ඔහු මගේ වචනය විය….
මගේ සතුට නැති විට ඔහු මට සතුට විය…!!!!

ඔහු මට සැමියෙකුම පමණක් නොවිය. ඔහු මට‍ පියෙක් විය… සහෝදරයෙක් විය.. යහළුවෙක් විය.. ආරක්ෂකයා විය..
ඒ සියල්ලට මා වඩා ඔහු මට දෙවියෙක් විය..

අසීරු අවස්ථා හමුවේ මගේ ධර්මය මට ළඟා කර දුන්නේ ඔහුය.. මට මේ ජීවිතයේ එකම ප්‍රමුඛතාවය ධර්මය සාක්ෂාත් කරගැනීමය.. මේ අවිද්‍යාවෙන් මිදීම මගේ එකම පරමාර්ථයයි.. ඔහු ඒ බව දන්නේය..
ඔහු මට උතුම් කළණ මිතුරෙකි…

මේ දහම් මඟ ගිහිව වසමින් පිළිපඳිනා ඔබට මෙය පූර්වාදර්ශයක් වනු ඇතැයි සිතමි..
ඔහු මා ධර්මයෙන් දිනෙන් දින ඉහළට යනු බලා මහා මුදිතාවකින් සැනහෙනු මම බලා හිඳිමි… මා වසර පහකට පසු ඒ උවඳුරෙන්, ඒ කර්ම ශක්තියෙන් නිදහස් වුණෙමි..
ගෙවී ගිය කාලය ගැන මම පසු නොතැවෙමි.. මන්දයත් මා කළ කර්මය මටම අයත්ය..

මෙවන් සැමියෙක් නොලැබූවේනම් මා ධර්මයෙන් පමණක් නොව… ජීවිතයෙන් පවා නික්මෙන්නට ඉඩ තිබුණි…
ඔහු මාගේ කළණ මිතුරාය…!!!

මා ධර්මයෙන් සැනසෙනු බලා, කුඩා දරුවෙක් දෙස බලා සතුටු වෙන පියෙක් මෙන් ඔහු සැනසෙයි.. ඔහු මට ගුරුවරයෙකි..

ඔහුට නිවන් මඟ වරදින්නට හේතුවක් නොවේ.. නිවන උරුම පිවිතුරු හිත් ඇත්තන්ටය.. තමන් නැති කරගනිමින් වුව අන් අය ගැන සිතන බෝධිසත්ව ගුණ මම ඔහු තුළින් දකිමි..
ඔහුට මේ උතුම් කුසල ශක්තිය නිවනටම හේතු වේවා යන්න මගේ එකම අධිෂ්ඨානයයි…!!!!

මේ සටහන කියවන ඔබට ගත හැකි දේ බොහෝ බැවින් මෙය මෙසේ දැක්වූයෙමි.. හිස කඳින් වෙන්වී ගියද ධර්මයෙන් හැර වෙනත් දෙයකින් පිහිටක් නොසොයන්න…
ඔබ ගිහි නම්, ඔබේ බිරිඳට, සැමියාට නිවන් මඟ වඩන්නට හදතින්ම උපකාර කරන්න… එකිනෙකාට කළණ මිතුරන් වන්න…
සුළු වරදෙහි පවා බිය දකින්න..
සිනා සිසී කළ කර්මයන්ගේ විපාකය ගෙවන්නට වන්නේ තනිව… හඬමින්ය….!!!
වළාකුළින් මිදෙන චන්ද්‍රයා මෙන් වරදින් මිදී බැබළෙන්න…!!!!

මේ සටහන කියවා ඔබ තුළ දහම් මාර්ගයට වීරිය වැඩේ නම්… ඔබේ සිතෙ වැඩෙන සියළු කුසල් මා අනුමෝදන් කරන්නේ මාගේ කළණ මිතුරු මාගේ ස්වාමියාටය…
ඔහු වහ වහා නිවනින් සැනසේවා….!!!!
මේ අකුරු කියවන කියවන වාරයක් පාසා ඒ අත්වන කුසල ශක්තියේ බලයෙන් ඔහුගෙ ධර්ම ශක්තිය වැඩේවා…!!!
උතුම් නිවනින් සැනසේවා….!!!

ඔබ සියලු දෙනාම වහ වහා මේ දුක්ඛිත සසර ගමනෙන් මිදී උතුම් නිවනින් සැනසේවා..!!!
මාගේ ගුරු දෙවියන් වන දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේට මාගේ ජීවිතය මලක් සේ පූජා කරමි…
පූජාම වේවා….!!!!
සම්මා සම්බුදු පියාණෙනි…. ඔබ වහන්සේ කෙරෙහි මාගේ සිත කෝටි ගණන් වාරයක් පූජා කරමි…පූජාම වේවා….!!!!
මේ සුවය මට දෙන්නට ඔබ වහන්සේ විඳි අනන්ත දුක මම මෙනෙහි කරමි… ඒ මොහොතක් මොහොතක් පාසා මම ධර්මයටම කැපවෙමි… ජීවිතය ගියත්…. ධර්මය හර අන් සරණක් නොපතමි….!!!!

( කළණ මිතුරු සටහනකි.. )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.