ඔබත් වැඩියෙන් සිනා වන්නට,වැඩියෙන් සතුටු වන්නට බයද? වැඩි සතුට පසුපස දුකක් සැඟවී ඇතැයි ඔබත් බියයිද? අද සතුටින් සිනහ වී සිටියොත්, හෙට අඩන්නට වේ කියා ඔබත් ඔබේ අද දවසේ සිනහවට සීමා දමා ගන්නවාද ?
මෙයට හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද ?
ඔබේ සිනහවත් සතුටත්, දුකත් සෑම විටම බාහිර අරමුණක් මතම රඳා පැවතීමට ඉඩ සලසා ඇති බැවිනි. බාහිර පුද්ගලයන් මත ඔබේ සතුට රැඳී පවතින බැවිනි. අද ඔබ සතුටු වන්නේත්, පසු දිනෙක දුකට පත්වන්නේත් බාහිර ලෝකයෙන් සැපයුණු හේතුවක් නිසාවෙන්ම පමණක් නිසායි.
“ඔබ ලස්සන වෙලා” යැයි කෙනෙක් පැවසූ විට ඔබට සතුටක් දැනෙයි. එම පුද්ගලයා කෙරෙහිද හිතවත් බවක්, හොඳ කෙනෙක් බවත් හැඟී යයි. නමුත් එම පුද්ගලායම ” ඇයි මේ මහත් වෙලා, කෙට්ටු වෙලා, කැත වෙලා” යැයි පැවසූවොත් ඔබේ සිතට ඇතිවන්නේ කුමක්ද? එම පුද්ගලයා ගැන ඇතිවන්නේ ඉඳුරාම වෙනස් හැඟීමකි.
බොහෝමයක් කාන්තාවන්ගේ සිත් බාහිර අයගේ වචන මත ඉතා තදින් දුකටත්, සතුටටත් පත්වේ. එය කාන්තාවගේ සංවේදී බව සත්‍යයකි. නමුත් එතනින් එහා ගිය සංවේදී බවක් ඔබට සාදා ගත හැකියි. ඔබේ සිත තවත් මෘදු, මොළොක් කරගන්න. ඔබට ප්‍රශංසාව දෙන පුද්ගලයාත්, ඔබට නින්දාව දෙන පුද්ගලයාත් දෙදෙනා කෙරෙහිම මෛත්‍රී, කරුණා , උපේක්ෂා සිත පුරුදු කළ හැකි නම්? කාන්තාවක් සතු ප්‍රබලම ශක්තිය ඇඟේ කරුණා, මෘදු මොළොක් සිතයි. පුරුෂයන් සිය දහස් දෙනෙකුගේ කාය ශක්තියට කරන්නට නොහැකි දේ , කාන්තාවකගේ එක් මෘදු කරුණා සෙනෙහබර බැල්මකට, වදනකට සිදු කළ හැක. තොටිල්ල පදවන අත , ලොවක් පාලනය කරන්නේ කාය ශක්තියෙන් නොව චිත්ත ශක්තියෙනි. ඔබේ උගත් බව, බුද්ධිමත් බව සමඟ කරුණාව, මෘදු බව සෑම විටම එක් කරන්න.
ඔබේ සිතේ සතුට, දුක තීරණය කරන්නට බාහිර ලෝකයේ අරමුණකට නොව, ඔබේම සිතට ලබා දිය හැකි තරම් සිත දියුණු කරගත හැකි නම්, ඔබේ සිතේ සතුට ගැන බයක්, අඩමානයක් ඇති කර ගැනීමට අවශ්‍ය වන්නේ නැත. දරුවකු ලෙඩ වූ විට, නිවසේ මත වාද පැන නඟින විට, හිත මැලවී, හැකිලී ගොස් දුකට පත්වීම ස්වභාවිකය. නමුත් ඔබේ දුකට කළ හැකි දෙයක් නැත. එය තවත් සෘණවාදී චිත්ත ශක්තියක් පමණි. තත්වය තවත් නරක අතට හැරවීමක් පමණක් එයින් සිදුවේ. නමුත් ඔබට හැකි නම් ඔබේ ලෙඩ වූ ආදරණීය දරුවාට සංසුන් සිතින් මෛත්‍රිය පතුරවන්නට, තරහෙන් දැවෙන ඔබේ සහකරු/සහකාරිය කෙරෙහි මෛත්‍රිය පැතිර වීමට..එසේ නම් ඔබටම ඔබේ සිතේ ශක්තිය දැකගත හැකි වනු ඇත.
මේවා අසිරු දේවල් යැයි ඔබට සිතෙන්නට පුළුවන. තරහෙන් කෙනෙක් ඔබට බනිද්දී ඔබට කරන්නට පහසුම දේ පෙරළ ඔහු කෙරෙහි තරහ සිත් ඇති කරගෙන, ඔහුට බැනීමය. නමුත් පහසුම දේ සෑම විටම හොඳම දේ නොවේ. අනෙක් අතට අන් අය නිවැරදි කිරීමට, ඔවුන් හැඳීමට උත්සාහ කරනවාට වඩා සිය දහස් ගුණයකින් පහසු දේ ඔබේම සිත තනා ගැනීමයි.
සෑම විටම විශ්වාස කරන්න. තරහෙන් දැවෙන, ඊර්ෂ්‍යාවෙන් දැවෙන, දුකෙන් පෙළෙන සිතට වඩා දහස් වාරයක ශක්තියක් මෛත්‍රියෙන් යුත්, කරුණාවෙන් යුත්, මැදහත් සිතකට උරුම බව. බාහිර ලෝකයටම විවෘත වී පවතින හිත, ඔබට හැකි නම් ඔබ දෙසටම නවා තබා ගන්න, ඔබේ සිතේ සතුට තව දුරටත් තාවකාලික නොවන බවත්, එය තවත් කෙනෙකුගේ වචනයක් මත, ක්‍රියාවක් මත රඳා නොපවතින බවත්, ඔබට වැටහෙනු ඇත.
පිට ලෝකයේ අයගේ වචන ක්‍රියා ඔවුන්ටම අයත් දෙයකි. නාඳුනන පුද්ගලයන්ට ඔබේ නිවසට ඇතුල් වීම වළකා, රැකවල් යොදා ඇති ලෙසින්ම, ඔබේ සිතත් එලෙසින්ම රැක ගන්න. තරහව, ඊර්ෂ්‍යාව, කුහකකම, ආඩම්බර බව, මාන්නය, උඩඟු බව, ආදී සිතිවිලි වලට එන්නට නොදී, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී සිතිවිලි වලින් ඔබේ සිත සුරක්ෂිත කරගන්න. අන් අයගේ වචන , ක්‍රියා ඔබේ කර නොගන්න. ඒවා ඔවුන්ටම අයිති දේවල් නිසා ඒව ඔවුන් සතුවම පැවතෙද්දී, මඬ ගොහුරක් වන් වූ මේ සමාජය තුළ මඩෙන් උඩට පිපී විත් පිපී සුවඳ හමන පියුමක් වන්නට උත්සාහ කරන්න.
~~~අමා සුව~~~
🙏🙏🙏 theruwan saranai
Sent from my iPhone
>
LikeLike
Hi! This is kind oof off topic bbut I need some guidance ffrom aan established blog.
Is it difficult to set up your own blog? I’m not vety techincal but I can figure things oout pretty fast.
I’m thinking anout making my own but I’m not sure wherfe too start.
Do you have any tips or suggestions? With thanks
LikeLike