ධර්මය නම් විස්මිත මාළිගාවේ සැරිසැරීමට ප්‍රථම…

ඉතා විසිතුරු විශාල මාලිගාවක සතරදෙසින් ඇති දොරටු සතරකි. සංචාරකයන් සතර දෙනෙක් මෙම දොරටු සතරෙන් මාලිගාවට පැමිණ මුළු මාලිගාව පුරා සංචාරය නොකොට ඔවුන් දකිනා දෙය විස්තර කරයි.

යම් කලෙක මෙම සතර දෙනාගේ විස්තර වෙන වෙනම ඇසූ පුද්ගලයෙකුට ව්‍යාකූල තත්වයක් හටගැනීමට පුළුවන. නමුත් සංචාරකයන් සතර දෙනාගේම විස්තරයෝ සත්‍ය වෙති. අයෙකුට මාලිගාවේ ස්වභාවය පිටත සිට ද පැවසිය හැක. නමුත් ඔවුන්ගේ විස්තරයන් සර්ව සම්පූර්ණ නැත, සියුම් නැත. පෘථූල නැත.විස්තරාත්මක නැත.

අප අමා මෑණී බුදු රජාණන් වහන්සේට මෙම පංචස්කන්ධ ලෝකය පිලිබඳ තිබුණු අවබෝධය පරක් තෙරක්, සීමාවක් නොමැත. මෙම පංචස්කන්ධ ලෝකය යම්තාක් විහිදුනාද උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ඒ තාක් විහිදිනි. සියලු කරුණු කාරණා උන්වහන්සේට සවිස්තරාත්මකව සක් සුදක් සේ පැහැදිලිව දර්ශනය විය. මෙම පංචස්කන්ධ ධර්ම යම් තැනක සියුම් වීද, ගැඹුරු වීද, ගම්භීර වීද උන්වහන්සේ ඒ සියුම් තැන් ,ගැඹුරු තැන්, ගම්භීර තැන් තම සර්වඥතා ඥානයෙන් ස්පර්ශ කළ සේක.

උන්වහන්සේ දුක අරමුණු කරමින් දුකෙහි පිහිටා කල දේශනා තුළින් සත්වයා නිවන කරා රැගෙන ගියෝය.

උන්වහන්සේ අනිත්‍ය අරමුණු කරමින් අනිත්‍යයෙහි පිහිටා කල දේශනා තුලින් සත්වයා නිවන කරා යොමු කරලීය.

උන්වහන්සේ අනාත්මය අරමුණු කරමින් අනාත්මයේපිහිටා කල දේශනා තුලින් සත්වයා නිවනට ගෙන ගිය සේක.

උන්වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයන් ගේ පිහිටා කල ධර්ම දේශනා තුලින් සත්වයා නිවන තුලට ගෙන ගිය සේක.

උන්වහන්සේ සත්වයා අප්‍රමාණ සමාධි තුලට ගමන් කරවා ඒ සමාධි නිශ්‍රය තුලින් සත්වයා නිවනට පත් කල සේක.

උන්වහන්සේ පංචස්කන්ධ ධර්ම විනිශ්චයෙන් සත්වයාට නිවන් දොරටු විවර කර දුන්හ.

උන්වහන්සේ අහිධර්ම වැනි ඉතා ගම්භීර වූ ද සියුම් වූ ද දේශනා දේශනා කොට මහා ජවන ශක්තියකින් යුක්ත මනසක් හෙබි ඇතැම් සත්වය නිවනට යොමු කළෝය.

උන් වහන්සේ ඒ ඒ සත්වයාගේ නැණ පමණ බුද්ධ ඥාණ තුළින් ප්‍රත්‍යක්ෂ ලෙස දැන ඒ ඒ සත්වයාට ගැලපෙන් අයුරින් ධර්මය දේශනා කල සේක.

උන්වහන්සේ මෙම පංචස්කන්ධ නම් විසිතුරු මාලිගාවේ සැරි සැරිය යුතු තැන් කොපමණද ඒ තාක් උන්වහන්සේ එහි සැරිසැරුවෝය. මාලිගාවේ පිඹුරු පතේ සිට එය තැනීමට යොදාගත් සියලු අංග උපාංග නිශ්චයටම දැන සිටියෝය. අවසානයේ සත්වයා අතරමං කරන, මුලාවට පත්කරන මෙම මාලිගාවේ කැණිමඩල කඩා මාලිගාව සුණු විසුණු කල සේක.

අද බොහෝ ධර්ම කතිකයාණන් වහන්සේලා නොයෙක් ආකාරයෙන් මෙම විචිත්‍ර වූ විසිතුරු වූ ධර්ම මාර්ගය එක් එක් සංචාරකයා මාලිගාව එක් එක් දොරටුවෙන් පැමිණ දැක්කේ යම් සේද එසේම විස්තර කරයි. ඇතැම් දේශකයාණන් වහන්සේලා මෙහි හරයට නොබැස මාලිගාව පිටතින් දක්නා අයෙක් දේශනා කරන්නේ කෙසේ ද එසේ විස්තර කරයි.ඇතැම් විට එම දේශකයාණන් වහන්සේලා පැවසූදේ සත්‍යක් වේ. ඒ උන්වහන්සේලගේ නැණ පමණට දේශනා කල බැවිනි.

මේ මාර්ගයේ යන ඔබට ගැටලු රාශියක් පැන නැගිය හැක. එය එසේ වී නම් අප අමා මෑණී බුදු පියාණන් දේශණය කල ධර්මය සමඟ සසදා බැලීමට ඔබ දක්ෂ වන්න. ධර්මයේ කාලීන බවක් නැත. බුදුන් කල එය එසේය, නමුත් එය දැන් මෙසේය යනුවෙන් නොවන්නේය. ධර්මය අකාලිකය. බුදුන්වහන්සේ දෙසූ ධර්මයේ ඇලපිල්ලක් පාපිල්ලක් නෑර අදටත් ඒ ධර්මය එලෙසම වලංගුය. ධර්මය යනු තුන් කාලයටම පොදු වූ අකාලික වස්තුවකි.

එදා භාහියදාරුචීරී හට “දැක්කොත් දැක්කා පමණයි” යන තැන සිත පිහිටවීමෙන් පමණක් මේ බුදු දහමේ හරයම වචන කිහිපයකට කැටි කරවිණ.එදා ඉතා ඉහල ජවන ප්‍රඥාවක් ඇති මාතෘ දිව්‍ය රාජයාණන්ට ඉතා ගම්භීරවූ ද සියුම් වූ ද ඒ අභිධර්මය පුරා තුන්මසක් මුලුල්ලේ දෙශණා කොට එවන් ජවන ප්‍රඥාවන් ඇති බොහෝ අය සතරින් එතර කල සේක.

මෙයින් ප්‍රඥාවන්ත ඔබ ගත යුත්තේ, භාහියදාරුචීරීහට අභිධර්මයෙන් පලක්වූයේ වූයේ නැත. මාතෘ දිව්‍ය රාජයානණ්ට කෙටි දේශණාවකින් පලක් වූයේ ද නැත. පෙර කී මාලිගාවට දොරටු දෙකකින් ආ සංචාරකයින් මාලිගාව දැක්කේ යම් සේද භාහිය අවබෝධයත් මාතෘ දිව්‍ය රාජයාණන් ඇතුලු පිරිසගේ අවබෝධයත් වෙනස්ය.නමුත් දෙදෙනාම මාලිගාව තුලය. සාක්ශාත් කල යුත්ත සාක්ශාත් කළෝය.

ඔබ භාහිය නොවන්නේය. ඔහුට තරම් පාරමී ශක්තියක් තිබුනි නම් අද ඔබ මෙම ලිපි කියවීමේ පලක් නැත. ඔබ මාතෘ දුව්‍ය රාජයාද නොවන්නේය . උන්වහසේට තරම් ජවන ප්‍රඥාවක් ඔබට නැත්තේය.ලෝක විශය අනන්තය. එය ගොචර වන්නේ බුදු කෙනෙකුට පමණි. අද සමාජයේ භාහිය වැනි අය නැතත් එවැනි අය බිහිවිය නොහැකි යන්න ප්‍රකාශ කල නොහැකිය . ඉතා ඉහල ජවන ප්‍රඥාවෙන් අධික අයද බිහිවිය හැක. ඒ අය ඉතා සුලු ධර්ම කාරණා ප්‍රඥාවෙන් විමසා නිවනට පත්වන්නාහුය. අද කාලයේ අභිධර්මයේ එන චිත්තක්ෂණ 52 කොටස් වෙන් වෙන් වශයෙන් යෙදෙන ආකාරය බලා මෙහි සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැත, හේතු එල නිසා ඇතිවන ධර්මයක් පමණක් බව දැක එය සාක්ශාත් කිරීමට හැකි ජවන ප්‍රඥාව ඇති අය සිටිනවා කියතොත් එයද විය හැක.ලෝක විශය අපට ගෝචර වන්නේ නැත. නමුත් ඔබ ඒ කිසි තැනක නැති බැව් ඔබ වටහාගත යුතුය. නො එසේනම් ඔබ සිටිය යුත්තේ බොහෝ උතුම් ස්ථානයකය. ඔවැනි අන්ත දෙකේම නොසිටිනා සත්වයාට නිවන් යෑමට බුදුන් වහන්සේ දෙසූ අසූ හාර දහසක ධර්මස්කන්ධයෙහි ගැබ්ව පවතී.

විමසන්න ඒ තැන් සොයාගන්න අද අදම ධර්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න. තම සිත් තුල ඇති සැක සංකා හැරගෙන ධර්මමාර්ගය වඩන්න. එලය තැනීමට කටයුතු නොකරන්න .එළය ලබගැනීමට අවශ්‍ය හේතු සම්පාදනය කරන්න.
සත්‍ය සොය යන ඔබට තමා කල යුත්තේ කුමක්ද ගැන යම්තාක් දැනුමක් ප්‍රඥාවක් තිබිය යුතුය.

තෙරුවන් සරණයි…

~~~ අමා සුව ~~~

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.